Home » විදර්ශන සාහිත්‍ය ත්‍යාගය-2024

විදර්ශන සාහිත්‍ය ත්‍යාගය-2024

by Mahesh Lakehouse
March 9, 2024 12:27 am 0 comment

ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රයට අලුතින්ම එකතු වන සාහිත්‍ය නිර්මාණ ඇගැයුම් ක්‍රියාවලිය ‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය’ යි. විදර්ශන ප්‍රකාශන ආයතනයේ සංවිධානයෙන් දියත් වන ‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය’ සඳහා නවකතා, කෙටිකතා සංග්‍රහ සහ කාව්‍ය සංග්‍රහ සහ ඉංග්‍රීසි බසට පරිවර්තනය වූ නවකතා, කෙටිකතා හා කාව්‍ය අත්පිටපත් සලකා බැලේ.

මේ සඳහා අත්පිටපත් භාර ගැනීම ජනවාරි 12 වැනිදායින් ආරම්භ වූ අතර 2024 මැයි මස 15 දක්වා සිදු කෙරේ.

අගෝස්තු මස පළමු සතියේදී විදර්ශන සාහිත්‍ය ත්‍යාගය සඳහා නිර්දේශිත අත්පිටපත් නාම නිවේදනය කෙරෙන අතර එහිදී එක් සාහිත්‍ය ප්‍රවර්ගයකින් අත්පිටපත් 3 බැගින් නිර්දේශ කෙරේ. සැප්තැම්බර් 01 වැනි දින පැවැත්වෙන විශේෂ උත්සවයේදී ජයග්‍රාහකයන්ට රුපියල් 150,0000/- ක මුදල් ත්‍යාග හා විදර්ශන සාහිත්‍ය ත්‍යාගය ද නිර්දේශිත සෙසු අත්පිටපත් සඳහා රුපියල් 50,000/- ක මුදල් ත්‍යාග සහ සම්මාන ඵලක පිරිනැමේ.

ජයග්‍රාහී කෘතීන් සති දෙකක් ඇතුළත මුද්‍රණයෙන් එළිදක්වන අතර (සංවිධායක ආයතනය ජයග්‍රාහී අත්පිටපත් මුද්‍රණය කිරීමට බලාපොරොත්තු වන අතර එය සිදු වන්නේ ලේඛක ලේඛිකාවන්ගේ අභිමතය පරිදිය.) මාස හයක කාලයක් තුළ එම ජයග්‍රාහී කෘතීන් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමට සංවිධායකයන් සියලු කටයුතු සම්පාදනය කර ඇත.

‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය – 2024’ සඳහා වැඩි විස්තර 011 2765024 හෝ 011 2765024 දුරකතන අංකයන් වෙත ඇමතීමෙන් හෝ www.vidarshanalitprize.com වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division