Home » බලාපොරොත්තු ඉටුවන කඩවර දේව මන්ත්‍රය

බලාපොරොත්තු ඉටුවන කඩවර දේව මන්ත්‍රය

by Mahesh Lakehouse
March 9, 2024 12:30 am 0 comment

– වත් පිළිවෙත් සිදුකර 108 වර මතුරන්න
– පිළිවෙත් හරියටම සිදුකළොත් ප්‍රතිඵල එදිනම

ඩ නොකර සියලු ඉල්ලීම් ලබාදෙන දේව සහ යක්ෂ වේශයෙන් පෙනී සිටින දෙවි කෙනෙකි කඩවර දෙවියෝ. සාමාන්‍ය ජන සමාජය තුළ කඩවර දෙවියන්ට ඇත්තේ ඉමහත් ගෞරවයකි. එසේම භක්තියකි. මා මෙම ලිපි මාලාව තුළින් පාඨක ඔබ දැනුවත් කිරීමට බලාපොරොත්තු වන්නේ උන්වහන්සේට පුද පූජා සත්කාර කර දීර්ඝ කාලීනව ලබාගත් අත්දැකීම් සමුදායක් ඇසුරිනි.

සත්‍ය ලෙසම මිනිසාගේ දැවෙන තැවෙන ගැටලු ප්‍රශ්න ආදියට උන්වහන්සේගේ අපිරිමිත සහය ලැබෙන බව සත්‍යයකි. ඔබත් උන්වහන්සේගේ බැතිමතෙකු වුවහොත් අචල විශ්වාසයක් උන්වහන්සේ උන්වහන්සේ කෙරෙහි ඇතිවන බව නම් පැහැදිලිය. මා ලැබු අත්දැකීම් ඔබ හමුවේ තබන්නේ ඉතාම විශ්වාසයෙනි.

ඔබ කඩවර දෙවියන් පිළිබඳ අධ්‍යයනය කරන්නේ නම් වැඩිපුර සමාජයෙන් හමුවන්නේ උන්වහන්සේ පිළිබඳ ලියවුන ‘කෝල්මුර’ වැනි කවි සහ කන්නලව්ය. එහෙත් මෙම ලිපි මාලාවෙන් ඔබට මෙතෙක් සමාජය තුළින් මුණ නොගැසුන උන්වහන්සේගේ බල වික්‍රමය තුළින් උන්වහන්සේගෙන් ඉක්මන් පිහිට සහ ආධාරය ලැබිය හැකි මන්ත්‍ර පරම්පරාගතව පැවැති ඒවා ඔබට අධ්‍යනය කළ හැකිය. එවන් බලසම්පන්න මන්ත්‍රයකි. පහත සඳහන් වන්නේ ක්‍රමවේදය පිළිබඳව ඔබගේ විශේෂ අවධානය යොමු කර අත්හදා බැලීමෙන් ඔබට විශ්මය දනවන අති ප්‍රබල ප්‍රතිඵල ලැබිය හැකිය.

මෙම ක්‍රමවේදය තවමත් සමාජගත නොවුන පරම්පරාගත රහස් ක්‍රමවේදයකි. මෙයින් ලැබෙන ප්‍රතිඵල අති බොහෝය.

ඕනෑම ග්‍රහ අපලයක්, වින දෝෂයක්, සතුරු උවදුරක්, අනවශ්‍ය අසාධාරණ නඩු හබයක් ආදී ඕනෑම කරණාවකදී එක නැට්ටේ දෙහි ගෙඩි තුන හා ‘අහු ගෙඩි’ තුන ද කුඹුරු ඇට තුනක්ද නියමිත කඩවර යහන මත තබා දුම්මල තෙල්, එළගිතෙල්, තලතෙල් වලින් පහන් දල්වා ඉහත ද්‍රව්‍ය පහත සඳහන් මන්ත්‍රයෙන් 108 මතුරා කරදර දුරුවීම සඳහා ගලා බසින ජලාශයකටද, සතුරු කරදර සඳහා තුන්මන් සලකටද, අණවින දුරුවීම සඳහා කනත්තකටද දමන්න.

ජලාශයට උදේ කාලයේද තුන්මන්සලට හා කනත්තට රාත්‍රී හෝ සන්ධ්‍යා කාලයේ දැමිය යුතුය.

කාරණාව හෝ නම්ගම් සිහිතබා ගත යුතුය.

එදිනම පැය කිපයකදී ප්‍රතිඵල අත්දැකිය හැකිය.

මන්ත්‍රය

ඕං ඊශ්වර ගිනිමාලාව පැලඳ කඩවර පෙරළම් ශර භෛරව කන්ද කුමාර කම්බිලි තෝංගු මල්කඩවර ඕං රාම රාම විෂ්ණු ———— (කාරණාව) තෝස්වාහා

(ඉතාම සරලයි. අති ප්‍රබලයි. ඒකාන්ත ජය සහතිකයි.)

ජ්‍යොතිෂ විද්‍යා විශාරද කේ. එස්. එස්. යෝදින්ගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division