Home » UCMAS ශ්‍රී ලංකා ජයග්‍රාහී 05 වැනි වසරට

UCMAS ශ්‍රී ලංකා ජයග්‍රාහී 05 වැනි වසරට

by Mahesh Lakehouse
March 9, 2024 12:30 am 0 comment

ලොව අංක එකේ මනෝමය ගණිත වැඩසටහන UCMAS හි ශ්‍රී ලංකා ශාඛාව නව කළමනාකාරීත්වයක් යටතේ ආරම්භ වී සිව්වැනි වසර සමරුව අති උත්කර්ෂවත් අයුරින් පසුගියදා සිදු කෙරිණි. එමෙන්ම කොළඹ වැල්ලවත්තේ පිහිටා ඇති, පහසුකම්වලින් සැදුම්ලත් UCMAS ශ්‍රී ලංකා නව මූලස්ථාන ගොඩනැගිල්ල විවෘත කිරීමද ඊට සමගාමීව සිදු විය. නව කළමනාකාරිත්වය යටතේ UCMAS ශ්‍රී ලංකා ශාඛාව ගත වූ වසර හතර තුළ දැවැන්ත ජයග්‍රහණ රාශියක් අත්පත් කර ගනිමින් රටපුරා දරුවන්ගේ බුද්ධි මට්ටම ඉහළ නැංවීමේ මාහැඟි මෙහෙවරට දායක විය. මේ පිළිබඳ. අදහස් දැක්වූ UCMAS ශ්‍රී ලංකා ප්‍රධාන විධායක විජේ ශිවශංකර්, අප සෑම විටම උත්සාහ කරන්නේ දරුවන්ට හොදම දේ ලබා දෙන්නයි. හෙට ලොව බාර ගන්නා දරුවන්ට ලබා දිය හැකි හොඳම දේ අධ්‍යාපනය පමණයි. UCMAS අප සැමදා ඒ වෙනුවෙන් කැප වී සිටිනවා. ඒ සඳහා දැවැන්ත පියවර රාශියක් තැබීමට අප සූදානම්. මේ වසරේ UCMAS ශ්‍රී ලංකා ජාතික තරගාවලිය 2024 අගෝස්තු 10 වැනි දා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු සූදානම් කර අවසන්…” යනුවෙන් පැවසීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division