Home » තේ වෙන්දේසියේ දී අතුකෝරළ තේ උපරිම මිල වාර්තා කරයි

තේ වෙන්දේසියේ දී අතුකෝරළ තේ උපරිම මිල වාර්තා කරයි

by Mahesh Lakehouse
March 9, 2024 12:30 am 0 comment

පිටිගල අතුකෝරළ සමූහ ව්‍යාපාරයට අයත් අතුකෝරළ තේ කර්මාන්තශාලාව 2024 මාර්තු මස 06 වැනි දින වෙන්දේසි අංක 10 යටතේ අන්තර්ජාලය හරහා පැවති තේ වෙන්දේසියේ දී, අතුකෝරළ ගෲප් සුපර් වෙළෙඳ නාමය යටතේ FBOPFEXSP තේ කිලෝවක් සඳහා වෙන්දේසියේ ලැබුණු උපරිම මිල (Top price) වන රුපියල් 5,950ක මිලක් වාර්තා කිරීමට සමත් විය.

ලංකා කොමොඩිටි බ්‍රෝකර්ස් සමාගම මගින් සිදු වූ අලෙවියක් වන මෙය Uni World Teas (Pvt) Limited විසින් මිලට ගන්නා ලදී.

ISO 22000:2018/HACCP යන ජාත්‍යන්තර තත්ත්ව සහතිකයන් ට අනුකූලව පවත්වා ගෙන යනු ලබන මෙම තේ කර්මාන්තශාලාව සුවිශේෂී සම්මාන රාශියකට හිමිකම් කියයි.

එසේම, Ceylon Tea නාමය ලොව පුරා ප්‍රචලිත කිරීමට වෙර දරනා 100%ක් දේශීය සමාගමකි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division