Home » රුසියාව යුක්රේන ආක්‍රමණය තුන්වන වසර එළඹෙයි

රුසියාව යුක්රේන ආක්‍රමණය තුන්වන වසර එළඹෙයි

by Mahesh Lakehouse
March 2, 2024 12:30 am 0 comment

රුසියානු හමුදා 2022 වසරේ පෙබරවාරි මස 24 වන දින තම අසල්වැසි රාජ්‍යයට එරෙහි සංග්‍රාමයක් දියත් කිරීමෙන් වසර දෙකකට පසු යුක්රේනයේ මානුෂීය අවශ්‍යතා තවදුරටත් ඉහළ යමින් පවතී. එක්සත් ජාතීන්ගේ හදිසි ආධාර සම්බන්ධීකරණ ආයතනයට අනුව, යුක්රේනයේ ජනගහනයෙන් 40%ක් පමණ – එනම්, මිලියන 14.6 ක් පමණ පිරිසකට මේ වසරේ මානුෂීය ආධාර අවශ්‍ය වනු ඇත. යුද්ධයේ මුල් දිනවල යුක්‍රේනයේ කිව් අගනුවර අල්ලා ගැනීමට රුසියාව දැරූ මුල් උත්සාහය අසාර්ථක වීමෙන් පසු, දකුණු හා නැඟෙනහිර යුක්රේනයේ ඉදිරිපෙළ දිගේ පවතින දිග්ගැස්සෙන ගැටුම බොහෝ දුරට අවිනිශ්චිත හා මාරාන්තික ස්වරූපයක් ගෙන ඇත. මිලියන 3.7ක ජනතාවක් රට අභ්‍යන්තරයේ අවතැන්ව සිටින අතර යුක්රේන සරණාගතයන් මිලියන 6.5 ක් පමණ යුරෝපීය රටවල සහ ලොව වෙනත් ස්ථානවල රැකවරණ පතා ඇත. යුද්ධයේදී සාමාන්‍යයවැසියන් 10,500කට වැඩි පිරිසක් මියගිය බව හෙළි වී ඇති අතර රට පුරා නගර සහ ගම්මානවලට රුසියානු බෝම්බ හෙලීම සාමාන්‍ය සිදුවීමක් බවට පත්ව තිබේ. යුද සමයේදී සෞඛ්‍ය පහසුකම්වලට එල්ල වූ ප්‍රහාර 1,500ක් ද එක්සත් ජාතීන් විසින් තහවුරු කර ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division