Home » මානව හිමිකම් කවුන්සිලයට කාර්යබහුල සමයක්

මානව හිමිකම් කවුන්සිලයට කාර්යබහුල සමයක්

by Mahesh Lakehouse
March 2, 2024 12:30 am 0 comment

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නව සැසිවාරය පෙබරවාරි 26 ජිනීවාහිදී ආරම්භ වූ අතර, ඊශ්‍රායලය විසින් ගාසා තීරයට සිදු කළ විනාශය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටුම එහි ප්‍රධාන තැනක් ගැනීමට ඉඩ ඇත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී වොල්කර් ටර්ක් සහ පලස්තීන ප්‍රදේශ සඳහා වූ විශේෂ නියෝජිත ෆ්‍රැන්චෙස්කා ඇල්බනීස් පලස්තීනය පිළිබඳ වාර්තා එහිදී සභාගත කිරීමට නියමිතය. “ගාසා තීරයට පනවන ලද අවහිර කිරීම් සහ වැටලීම පලස්තීන ජනතාව සාමූහිකව දඬුවමට ලක් කිරීමකට සමාන වන අතර සාගින්න යුද උපක්‍රමයක් ලෙස භාවිත කිරීමකට ද හේතු විය හැකිය” යනුවෙන් ටර්ක් සිය වාර්තාවේ ලියයි. සාහසික අපරාධවල වැඩෙන අවදානම ගැන හෙතෙම අනතුරු අඟවන අතර “ගැටුමේ සියලු පාර්ශ්වවලින් වගවීම” ඉල්ලා සිටී.

රුසියාව මාර්තු 1 සිට මාස 6 කට පෙට්‍රල් අපනයනය තහනම් කරයි

පාරිභෝගිකයන් සහ ගොවීන්ගෙන් ඉහළ යන ඉල්ලුම මධ්‍යයේ මිල ස්ථාවරව තබා ගැනීමට සහ ලෝකයේ දෙවන විශාලතම තෙල් අපනයනකරුගේ පිරිපහදු නඩත්තු කටයුතු කිරීමට ඉඩ දීම සඳහා මාර්තු 1 සිට මාස හයක පෙට්‍රල් අපනයනය තහනම් කිරීමට රුසියාව ඉකුත් අඟහරුවාදා නියෝග කළේය.

මාර්තු 15-17 පැවැත්වෙන ජනාධිපතිවරණයට පෙර ලොව විශාලතම තිරිඟු අපනයනකරුවා වන රුසියාවේ මෝටර් රථ හිමියන්ට සහ ගොවීන්ට දේශීය පෙට්‍රල් මිල සංවේදී වන අතර ඇතැම් රුසියානු පිරිපහදුවලට මෑත මාසවල යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාර එල්ල විය.

සැපයුම් මාර්ග සහ සැපයුම් කඩාකප්පල් කිරීම සහ ප්‍රතිවාදියා අධෛර්‍යවත් කිරීමේ උපායමාර්ගයක් ලෙස රුසියාව සහ යුක්රේනය එකිනෙකාගේ බලශක්ති යටිතල ව්‍යුහය ඉලක්ක කර ගෙන ප්‍රහාර එල්ල කර ගනිමින් සිටී. තෙවන වසරට පිවිස ඇති දෙරට අතර ගැටුම අවසන් වීමේ සලකුණක් තවමත් නොපෙනේ.

රුසියාව දැනටමත් සිය කැමැත්තෙන් තම තෙල් සහ ඉන්ධන අපනයන මිල ගණන් සඳහා ආධාර කිරීමේ ඔපෙක් + උත්සාහයේ කොටසක් ලෙස පළමු කාර්තුවේදී දිනකට බැරල් 500,000 කින් කපා හැර තිබේ.

2023 දී රුසියාව පෙට්‍රල් ටොන් මිලියන 43.9 ක් නිෂ්පාදනය කළ අතර ටොන් මිලියන 5.76 ක් එනම් සමස්ත නිෂ්පාදනයෙන් 13%ක් පමණ අපනයනය කළේය. රුසියානු පෙට්‍රල්වල විශාලතම ආනයනකරුවන් වන්නේ නයිජීරියාව, ලිබියාව, ටියුනීසියාව යන අප්‍රිකානු රටවල් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යි.

යුරෝපයේ බිඳී ගිය කලාපයක් රුසියාවෙන් ආරක්ෂාව ඉල්ලයි

මෝල්ඩෝවාවේ බෙදුම්වාදී ප්‍රදේශයක සිටින රුසියානු හිතවාදී කැරලිකරුවන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ගෙන් ඉල්ලා සිටින්නේ මෝල්ඩෝවා රජයෙන් එල්ල වන තර්ජනවලින් තම කලාපය ආරක්ෂා කරන ලෙසයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division