Home » ඉන්දු – ලංකා ධීවර ගැටලුවට විසඳුම් සොයන්න විශේෂ සාකච්ඡා

ඉන්දු – ලංකා ධීවර ගැටලුවට විසඳුම් සොයන්න විශේෂ සාකච්ඡා

by Mahesh Lakehouse
March 2, 2024 12:38 am 0 comment

ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු කලාපයට පැමිණීම නිසා ඉන්දු – ලංකා ධීවරයන් අතර ඇතිව තිබෙන ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා ගැනීම වෙනුවෙන් සාකච්ඡා කිරීමට දෙරට රාජ්‍යයන් තීන්දු කර ඇත. ඔවුන් මෙලෙස තීන්දු කර ඇත්තේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක හා ඉන්දීය මහකොමසාරිස් සංතෝස් ජා මහත්වරුන් අතර ඉකුත් සතියේ පැවැති සාකච්ඡාවකින් අනතුරුවය.

ඉන්දීය ධීවරයින් මෙරට උතුරු මුහුදට අනවසරයෙන් ඇතුළු වී බොටම් ට්‍රෝලින් ඇතුළු නීති විරොධී පන්න ක්‍රම භාවිතා කිරීම කාලයක පටන් සිදුවන අතර මෙය ලංකාවේ ධීවරයන්ගේ විරෝධයට හේතුවී තිබේ.

එලෙස නීති විරෝධීව පැමිණෙන ධීවරයන් ශ්‍රී ලංකා නාවුක හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා අතර එලෙස අත්අඩංගුවට ගත් ධීවරයන් 170 ට ආසන්න පිරිසක් මේ වන විට බන්ධනාගාර ගතව සිටියි. එයින් කිහිප දෙනෙකුට පසුගිය දිනක මෙරට අධිකරණය විසින් දඬුවම් පැමිණ වූ අතර එයට විරෝධය පළ කරමින් ඉන්දියානු ධීවරයන් පිරිසක් එරට දී මේ වන විටත් උපවාසයක් ආරම්භ කර තිබේ.

මෙම ගැටලුව දෙපාර්ශ්වය සාකච්ඡා කරමින් තාවකාලිකව විසදා ගත්තද නැවත නැවතත් එම ප්‍රශ්නය ඇතිවන හෙයින් දීර්ඝ කාලීන ස්ථිර විසදුමක් ලබාදිය යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහස වී තිබේ.

ඉන්දීය රජයද එම අදහසට එකඟතාවය පළ කළ බැවින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක හා ඉන්දීය මහකොමසාරිස් ඇතුළු කණ්ඩායම ඊට අදාළව සාකච්ඡා ආරම්භ කර තිබේ.

ඉන්දීය ධීවරයින් මෙරට උතුරු මුහුදට අනවසරයෙන් ඇතුළු වී බොටම් ට්‍රෝලින් ඇතුළු නීති විරෝධී පන්න ක්‍රම භාවිතා කිරීම කාලයක පටන් සිදුවන අතර, මෙය ලංකාවේ ධීවරයන්ගේ විරෝධයට හේතුවී තිබේ.

එලෙස නීති විරෝධීව පැමිණෙන ධීවරයන් ශ්‍රී ලංකා නාවුක හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා අතර, එලෙස අත්අඩංගුවට ගත් ධීවරයන් 170 ට ආසන්න පිරිසක් මේ වන විට බන්ධනාගාරගතව ඇත. එයින් කිහිප දෙනෙකුට පසුගිය දිනක මෙරට අධිකරණය විසින් දඬුවම් පැමිණ වූ අතර එයට විරෝධය පළ කරමින් ඉන්දියානු ධීවරයන් පිරිසක් එරට දී මේ වන විටත් උපවාසයක් ආරම්භ කර තිබේ. මෙම ගැටලුව දෙපාර්ශ්වය සාකච්ඡා කරමින් තාවකාලිකව විසඳා ගත්ත ද නැවත නැවතත් එම ප්‍රශ්නය ඇතිවන හෙයින් දීර්ඝ කාලීන ස්ථිර විසඳුමක් ලබාදිය යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහස වී තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division