Home » බොජ්ඣංග පිරිතේ හාස්කම්

බොජ්ඣංග පිරිතේ හාස්කම්

by Mahesh Lakehouse
March 2, 2024 12:30 am 0 comment

– විවිධ රෝගාබාධ සුවයට ස්ථිර පිළියමක්
– එදිනෙදා ජීවිත ශාන්තියට ශ්‍රද්ධාවෙන් ප්‍රයෝජනයට ගන්න
– ධර්මානුකූල ශීලයක පිහිටුවා සජ්ඣායනයෙන් උපරිම ප්‍රතිඵල

ඉපැරණි පිරිත් පොතේ සඳහන් බොජ්ඣංග සූත්‍ර දේශනාවන්ට ඇතුළත් මෙම උතුම් ගාථා රත්නයන් ධර්මානුකූලව ශීලයක පිහිටා පිළිවෙත් ගරුකව සිදුකර ගැනීම තුළ ඉමහත් ප්‍රතිඵල ගෙන දේ.

බුදුරජාණන් වහන්සේගේ සහ වීතරාගී මහරහත් උතුමන්ගේ විවිධ රෝගාබාධ සුවකර ගැනීම සඳහා බොජ්ඣංග පිරිත් දේශනා කළ බවත් යහපත් සිහියෙන් සහ ශ්‍රද්ධාවෙන් එය ශ්‍රවණය කළ උන්වහන්සේලා සුවපත් වූ බව දේශනාව සඳහන් කරයි.
පන්දහසක් කල් විශ්වය තුළ සම්බුදු බලය බල ගන්වා දේශනා කර ඇති මෙම උතුම් ධර්මය එදිනෙදා ජීවිතය ශාන්තිය පිණිස ශ්‍රද්ධාවෙන් ප්‍රයෝජනයට ගන්න.

බොජ්ඣංග පිරිත

1. බොජ්ඣංගා සති සංඛාතෝ – ධම්මාන විචයෝ තථා
විරියං පීති පස්සද්ධි – බොජ්ඣංගාව තථාපරේ

2. සමාධ්‍යුපෙක්ඛ බොජ්ඣංගා – සත්තේ සම්බුද්ධදස්සිනා
මුනිනා සම්ම දක්ඛාතා – භාවිතා බහුලීකතා

•අධ්‍යාපන කටයුතුවලට අලස, කුසීත දරුවන් වෙනුවෙන් සහ විභාග සඳහා ඉදිරිපත් වීමට බිය දක්වන දරුවන් වෙනුවෙන් සහ ධාරණ ශක්තිය නොමැති අය වෙනුවෙන් මෙම ගාථාවෙන් තැඹිලි තෙල් මතුරා හිස ගල්වනු යහපතක් වේ.

3. සංවත්තන්ති අභිඤ්ඤාය – තිබ්බානායාව බෝධියා
එතේන සච්ච වජ්ජේන – සොත්ථි තේ හෝතු සබ්බදා

•නින්ද නොයෑම, මානසික පීඩනය සහ නිතර අසුබ දේවල් කල්පනා වී රැය පුරා නින්ද නොයා විවිධ දේ සිතමින් කල් මැරීම වැනි පීඩාවන් සඳහා නිදන කොට්ටයට දකුණු අත තබා තෙවරක් පිරිත්කර නින්දට යන්න. මෙය නිතිපතා සිදු කරන්න.

4. එකස්මිං සමයේ නාථෝ – මොග්ගල්ලානඤ්ච කස්සප
ගිලානේ දුක්‍ඛිතේ දිස්වා – බොජ්ඣංගං තස්ස දේසයි

•නොඉඳුල් පැන් 108 වරක් පිරිත් කර සුව නොවන සියලු රෝගාබාධ ඇති අයට බීමට දෙනු. නිති පතා පානය කිරීමට සුදුසුයි.

5. තේව නං අභිනන්දිත්වා – රෝගා මුත්තිංසු තං ඛණේ
එතේන සච්ච වජ්ජේන – සොත්ථි තේ හෝතු සබ්බදා

•මෙම ගාථා 108 වර පස්තෙල් මතුරා හන්දි සහ දණහිස් රෝග සඳහා පිටත ආලේප කරනු ගුණ වේ.

6. එකදා ධම්ම රාජා – ගේ ලඤෙහි පිළිතො
චුන්දත්ථරෙන තං -යෙව භණාපෙත්වාන සාදරං

•මෙම ගාථාව ලියා 108 වර මතුරා වේයන් කන තැන යට කරනු වේයන් නොකයි.

7. සම්මෝදිත්වාච ආබාධා – තම්හා වුට්ඨාසි ඨානසො
එතේන සච්ච වජ්ජේන – සොත්ථි තේ හෝතු සබ්බදා

•කිරි දරුවන්ගේ පංචායුධයට 108 වර පිරිත් කර ගෙල පලඳවනු. දරුවෝ රැකෙත්.

වාරියපොළ කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිපති
නේපාලයේ ලුම්බිණි නුවර නේපාල ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති
සම්මානිත ආචාර්ය පූජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන හිමි
(කොළඹගම පොඩි හාමුදුරුවෝ)

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division