Home » සූනියම් දෙවියන්ට පින් දෙන බලසම්පන්න ගාථා

සූනියම් දෙවියන්ට පින් දෙන බලසම්පන්න ගාථා

by Mahesh Lakehouse
March 2, 2024 12:30 am 0 comment

දේව පූජා ක්‍රමවේදවල ආරම්භය ක්‍රි.පූ. 6 වන සියවසටත් එහා දිවයන බව ඉතාම පැරණි පුස්තක පරිශීලනයේදී පෙනී යන කරුණකි. තම අරමුණු සපල කර ගැනීම සඳහා දිගු අතීතයක සිට අදෘශ්‍යමාන ආත්මයන් පිළිබඳ මිනිස් වර්ගයාගේ විශ්වාසය තිබූ බව පැහැදිලි කරුණකි. දෙවියන් මිනිසාට උදවු උපකාර කරන බව සත්‍ය කොට මාගේ දීර්ඝ කාලීන අත්දැකීම් තුළින් ප්‍රකාශ කළ හැකිය.

ගම්බාර සිද්ධ සූනියම් දෙවියන් පිළිබඳ පෙර ලිපි මාලාව මාගේ අත්දැකීම් විශ්වාස කොට ඉතා බැතිසිතින් යුතුව ඉසිවර පාඨක ඔබට ඉදිරිපත් කළෙමි. එයින් ඔබට ප්‍රයෝජනයක් ඇතැයි සිතමි.

දෙවියන්ට පින් දීමේදී උන්වහන්සේලා ප්‍රීතියට සතුටට පත් වී දිව්‍ය ආයුෂ දිව්‍ය විමාන වැඩි වැඩියෙන් ලැබී දිව්‍ය සම්පත වර්ධනය වන බව කියවේ. ඒ නිසාම සූනියම් දෙවියන්ට පින් දෙන පහත ගාථා පුරුදු වී යහන් පහන් දීමේදී උන්වහන්සේට පින් දීමට පුරුදු වන්න.

නිතර සජ්ඣායනා කිරීමෙන් සියලු අපල උපද්‍රව දුරුවේ

ගාථාව:-
පබල බග විරාජෝ – නාග හංසෝ ව නීලෝ
ධවල වණ්ණ චිත්තා – භාසුරෝ අස්ස යාතෝ
සිරස මණි කිරීමෝ – ධ්‍යන ලාභෝ සුසිලෝ
ඔඩ්ඩි වඩිග නාථෝ – කතං මේ පුඤ්ඤ ලාභෝ

අර්ථය:-
දිලිසෙන ප්‍රබල වූ අසිපතක් දරමින් හංසයකු බඳු වන නීල වර්ණ නාගයන් පිරිවරාගෙන සුදු පැහැ අශ්වයකු පිට නැඟී සිටින්නා වූ බොහෝ සේ බබළන හිස මිණි කිරුළ දරන්නා වූ ශීල සම්පන්නව ධ්‍යාන සමාපත්තියට පැමිණ වදාරන්නාහු ඔඩ්ඩි වඩිග නාථයන් වහන්ස ඔබ වහන්ස මා විසින් කරන ලද මේ පින් ලැබිය යුතුය.

ගාථාව :-
සකල සුජත පුජා
ධාරිතෝ නිමල කිත්තිං
ජනිත පුඤ්ඤ රාසිං
මඩිග නාථානුමෝදතු

අර්ථය :-
සියලු හුදී ජනයා වෙතින් පුද පූජා ලැබීමට තරම් නිකැලැල් කීර්තියක් දරන්නා වූ වඩිග වඩිග නාථයන් වහන්ස මා විසින් උපදවාගත් පින් සමූහය ඔබ වහන්සේ අනුමෝදන් වන්න.

ජ්‍යොතිෂ විද්‍යා විශාරද කේ.එස්.එස්. යෝදින්ගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division