Home » Star Awards -2022 හිදී SLIC සිය විකුණුම් බළකාය අගයයි

Star Awards -2022 හිදී SLIC සිය විකුණුම් බළකාය අගයයි

by Mahesh Lakehouse
March 2, 2024 12:30 am 0 comment

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් Star Awards – 2022 උලෙළේ දී වසරේ විශිෂ්ටතම ජයග්‍රහණ අත්කර ගත් අලෙවි නියෝජිතයන් ඇගැයීම, අති උත්කර්ෂවත් ලෙස පසුගියදා සිදු විය.

ජීවිත රක්ෂණ සහ සාමාන්‍ය රක්ෂණ යන කාණ්ඩ නියෝජනය කරන 300කට අධික ජයග්‍රාහකයින් පිරිසක් ඒ ඒ ව්‍යාපාර කාණ්ඩයේ විශිෂ්ටතම විකුණුම්කරුවන්, කණ්ඩායම් නායකයින්, සමූහ නායකයින් සහ ශාඛා කළමනාකරුවන්, ප්‍රාදේශීය කළමනාකරුවන් සහ විශිෂ්ටතම රක්ෂණ උපදේශකයින් යන කාණ්ඩ යටතේ ඇගැයීමට ලක් කරන ලදී. හොඳම ජයග්‍රාහකයින් 15 දෙනා සඳහා වන විශේෂ සම්මානය ද එක් එක් කාණ්ඩය යටතේ ‘අති විශිෂ්ටයන්’ ලෙස ඇගයීමට ලක් කරන ලදි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති, අධ්‍යක්ෂ මණ්ඩලය, ප්‍රධාන විධායක නිලධාරී සහ ආයතනික කළමනාකාරීත්වය ඇතුළු 650කට අධික පිරිසක් සහභාගී වූහ. මෙම උත්සවයේ දී ප්ලැටිනම් ස්ටාර් ක්ලබ් සහ ප්ලැටිනම් ක්ලබ් සාමාජිකයින්ට ද විශේෂ උපහාර පිරිනැමිණි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division