Home » කලාපීය වැවිලි සමාගම් වෙතින් නව යෝජනාවලියක්

කලාපීය වැවිලි සමාගම් වෙතින් නව යෝජනාවලියක්

by Mahesh Lakehouse
March 2, 2024 12:30 am 0 comment

ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ සාමාජිකත්වය දරන කලාපීය වැවිලි සමාගම් (RPCs) 21 විසින් ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තයෙන් 70%ක කොටසක් පාලනය කරනු ලබන අතර ඉතිරි 30%ක් පාලනය කරනු ලබන්නේ කුඩා තේ වතු හිමියන් විසිනි කොවිඩ්-19 වසංගතයෙන් පසු වතුකරයේ ආර්ථික අර්බුදය හා මන්දපෝෂණය ඉහළ ගොස් ඇත.

ඒ සඳහා ආදායම් බෙදා ගැනීමේ ආකෘතියක් ඔවුන් විසින් යෝජනා කර තිබේ. එහිදී වතු කම්කරුවන්ට ඔවුන් දෛනිකව නෙළා ගනු ලබන දලු ප්‍රමාණය මත පදනම්ව ඔවුන්ගේ ඉපැයීම් ඉහළ නංවා ගැනීමට හැකියාව ඇත.

නව යෝජනා යටතේ ඉදිරිපත් කර ඇති පළමු විකල්ප යෝජනාව වන්නේ කම්කරුවන් විසින් නෙළන ලද සෑම අමු තේ දලු කිලෝග්‍රෑමයක් සඳහා (EPF/ETF ඇතුළුව) රුපියල් 50ක මිලක් ගෙවීමයි.

ඒ අනුව වතු කම්කරුවන් දිනකට තේ දලු කිලෝග්‍රෑම් 30-40ත් අතර ඉහළ තේ අස්වැන්නක් ලබා ගන්නා විට (දැනට පවතින සම්මතයට වඩා) ඔවුන්ගේ ඉපැයීම් වඩාත් ඉහළ නංවා ගැනීමට මෙහිදී හැකියාව ලැබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division