Plasticcycle සහ ‘The Pearl Protectors’ එක් වී ක්‍රියාවට නංවන “Cleaner Seabeds for Sri Lanka Expedition” ව්‍යාපෘතියේ හවුල්කාරීත්ව, දෙහිවල පලගල උතුර කොරල්පරය ආශ්‍රිතව සිදු කරන ලද 21 වන කිමිදුම් වාරයට සමගාමීව උත්සවයක් පවත්වන ලදී.
එහිදී කිමිදුම් සහ පිරිසුදු කිරීම් ක්‍රියාවලිය, PADI සහතික ලත් ස්වේච්ඡා කිමිදුම්කරුවන් ආරක්ෂාව සම්බන්ධයෙන් අනුගමනය කරන ප්රමිතීන්, අපද්‍රව්‍ය එක්රැස් කළ පසු සිදු කරනු ලබන විගණන ක්‍රියාවලිය, එක් රැස් කර ගත් ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීම හා ඒවා වෙනත් නිෂ්පාදන සඳහා භාවිත කිරීම සහ, මෙම හවුල්කාරීත්වය ඔස්සේ මෙතෙක් අත්කරගෙන ඇති යහපත් ප්‍රතිඵල යනාදී කරුණු සාකච්ඡා කරන ලදි.