Home » දියවැඩියා ගැටලු විසඳීමට SLCE සහ මොරිසන් සමාගම එක් වේ

දියවැඩියා ගැටලු විසඳීමට SLCE සහ මොරිසන් සමාගම එක් වේ

by Mahesh Lakehouse
March 2, 2024 12:30 am 0 comment

මෙරට දියවැඩියාව කළමනාකරණය සහ දැනුම්වත් කිරීම සම්බන්ධයෙන් පෙරමුණ ගෙන සිටින ශ්‍රී ලංකා අන්තරාසර්ගවේදී සංගමය (Sri Lanka College of Endocrinologists – SLCE), ප්‍රාථමික සෞඛ්‍ය වෘත්තිකයන් වෙනුවෙන් දියවැඩියාව කළමනාකරණය පිළිබඳ සහතිකපත් පුහුණු පාඨමාලාවක් ආරම්භ කිරීමට, මොරිසන් සමාගම සමග හවුල්කාරීත්වයකට එළැඹ තිබේ.

මෙමගින් රෝගීන්ට වඩාත් හොඳ ප්‍රතිකාර ලැබෙනු ඇති අතර, දියවැඩියා රෝගයේ ව්‍යාප්තිය මගින් සෞඛ්‍ය පද්ධතියට ඇතිවන පීඩනය ද අවම වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මාස හතරක් පුරා දිවෙන මෙම පාඨමාලාවට පළමු බඳවා ගැනීම සඳහා ලියාපදිංචිය දැන් විවෘතව පවතින අතර, වසරකට මෙවැනි වැඩසටහන් දෙකක් පැවැත්වීම සහයෝගීතාවයේ අරමුණයි. “ක්‍රමයෙන් ව්‍යාප්ත වන දියවැඩියා රෝගය සාර්ථක ලෙස පාලනය කිරීම සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම හා පුහුණුව අපගේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා වෛද්‍යවරුන් වෙත ලබා දීම සඳහා තබන ලද වැදගත් ඉදිරි පියවරක් ලෙස හැඳින්විය හැකියි.” ශ්‍රී ලංකා අන්තරාසර්ගවේදී සංගමයේ සභාපතිනි වෛද්‍ය නිරංජලා මීගොඩ විදානගේ එසේ පැවසුවා ය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division