Home » අපරාධකරුවන්ගේ තෝම්බුවක් හදයි

අපරාධකරුවන්ගේ තෝම්බුවක් හදයි

by Mahesh Lakehouse
February 24, 2024 12:30 am 0 comment
දීපාල් සමරසේකර

යුක්තිය මෙහෙයුමට සමගාමීව සියලු පොලිස් බලප්‍රදේශවල පදිංචි අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, සංවිධානාත්මක අපරාධකරුවන් (පාතාල කල්ලි සාමාජිකයන්) ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන්ගේ තෝම්බුවක් (නාමලේඛනයක්) සකස් කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.

මේ අනුව එක් එක් පොලිස් බලප්‍රදේශවල සිටින අපරාධකරුවන්, පාතාල කල්ලි සාමාජිකයින්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගැන සහ ඔවුන්ගේ කල්ක්‍රියාව ගැන පොලිසියට විමර්ශන කටයුතු සිදු කිරීමට පහසු වන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සිළුමිණට කීය.

මීට අමතරව විවිධ අපරාධ සිදු කර සිරදඬුවම් විඳ තමන්ගේ ගම් පළාතට නැවත පැමිණෙන පුද්ගලයන් විවිධ අපරාධ චෝදනා ලැබූවන්, මත්ද්‍රව්‍ය චෝදනා ලබා ඇප මත මුදා හරින පුද්ගලයන්ගේ පසු කල් ක්‍රියාව ගැන ද පොලිසිය සෝදිසියෙන් පසුවනු ඇත. යුක්තිය මෙහෙයුමේදී කර ඇති වැටලීම් සංඛ්‍යාව 58562 කි. අත්අඩංගුවට ගත් පිරිස 58234කි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division