සෞඛ්‍යයට අහිතකර ආහාර අලෙවිය ඇතුළු ආහාර සම්බන්ධ වැරැදි සම්බන්ධව පසුගිය 2023 වසරේ පමණක් දඩ වශයෙන් රුපියල් ලක්ෂ 600කට අධික දඩ මුදලක් අය කරගෙන ඇත.
මහජන පරීක්ෂකවරුන් විසින් සිදු කරන ලද වැටලීම් ඔස්සේ මේ ලෙසින් නඩු පවරා ඇත.
ඒ අනුව පසුගිය වසර තුළ ආහාර පරිහරණ ආයතන පරීක්ෂා කිරීම් 4,59038ක් සිදු කර ඇති අතර එයින් 13,064කට නඩු පවරා ඇත. නුසුදුසු ආහාර විකිණීම සහ ප්‍රමිතියෙන් තොර ආහාර හා පනතේ නියෝග උල්ලංඝනය කරමින් විකිණූ ආහාර සම්බන්ධයෙන් පවරන ලද නඩු 24,757න් අයකර දී ඇති දඩ මුදල රුපියල් 189,80592කි. මේ වන විට ඒ සම්බන්ධයෙන් නඩු 51,015ක් විභාග වෙමින් පවතී.
අයඩීන් ලුණු සම්බන්ධ සාම්පල සම්බන්ධයෙන් නඩු 175කින් රුපියල් 946,500 දඩ මුදලක්ද ප්‍රමිතියෙන් තොර පානීය ජල බෝතල් සම්බන්ධ නඩුවලින් රුපියල් 32,000ක් ද මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර විකිණීම සම්බන්ධයෙන් ගොනු කළ නඩුවලින් රුපියල් 88,000ක දඩ මුදලක් ද අයකර දී ඇත. මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ලෙස හඳුනාගෙන තහනමට ලක්කිරීම් 29,091ක් සිදුකර ඇති අතර ඒ සම්බන්ධ නඩුවලින් රුපියල් තුන්කෝටි අනූහතරලක්ෂ තිස් පන්දහස් අටසිය පනස් දෙකක් දඩ මුදල් ලෙස අයකරගෙන ඇත. එසේ හඳුනාගෙන විනාශ කරන ලද ආහාරවල වටිනාකම කෝටි දහයකට ආසන්න බව ද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ විධායක සභික, භාණ්ඩාගාරික ඩබ්. ඩී. රෝෂන් කුමාර සඳහන් කළේය.
මේ වන විට 20,000කට අධික නඩු සංඛ්‍යාවක් රට පුරා මහේස්ත්‍රාත් අධිකරණවල විභාග වෙමින් පවතින අතර, එම නඩු කටයුතු මෙහෙයවීම සහ ඉදිරි කටයුතු සියල්ල සිදු කරනු ලබන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසිනි. එහෙත් ඇතැම් නඩු සම්බන්ධයෙන් ප්‍රබල බාධා කිරීම් සහ නඩු කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් නිසි පරිදි නොලැබීම හේතුවෙන් අදාළ නඩු පැවරීම් සිදු කරන ලද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගැටලු රැසකට මුහුණ දී ඇති බව ද හෙතෙම පැවසීය.
සුරේකා නිල්මිණි ඉලංකෝන්