461
මුදල් ගනුදෙනු පනතට අනුකූල නොවන අයුරින් කටයුතු කළ ආයතන 3කින් රුපියල් මිලියන 14ක මුදලක් අයකර ගැනීමට මූල්‍ය බුද්ධි ඒකකය කටයුතු කර ඇත.
ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීමේ නියාමන ආයතනය ලෙස කටයුතු කරන මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම වෙනුවෙන් 2023 සැප්තැම්බර් මස 27 වන දින සිට දෙසැම්බර් මස 31 වන දින දක්වා කාලය තුළ එම දඩ මුදල අයකර ගෙන ඇති අතර එම මුදල් ඒකාබද්ධ අරමුදලට බැර වේ.
සුරේකා නිල්මිණි ඉලංකෝන්