Home » කහවත්තේ පාපැදි සවාරියට අයදුම්පත් කැඳවයි

කහවත්තේ පාපැදි සවාරියට අයදුම්පත් කැඳවයි

by Mahesh Lakehouse
February 24, 2024 12:29 am 0 comment
කහවත්තේ තුෂාර හෙට්ටිආරච්චි

සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පනාවැන්න රන්තරු බක්මහ උළෙලට සමගාමීව කහවත්තේ ගුරුගේ මැණික් පාපැදි ධාවන තරගය අප්‍රේල් 18 දා පනාවැන්නේ දී පැවැත්වේ. තරගය විවෘත හා ස්ටෑන්ඩර්ඩ් වර්ගයේ පාපැදි ධාවන තරගයක් වන අතර ලංකාවේ ඕනෑම ක්‍රීඩා සමාජයක, ක්‍රීඩා කණ්ඩායමක තරගකරුවන් ට සහභාගි විය හැකිය.

ගමන් මාර්ගය වන්නේ පනාවැන්න සිට පැල්මඩුල්ල රත්නපුර හරහා ඇහැළියගොඩ ⁣දක්වා ගොස් ආපසු පැමිණ කහවත්ත ගොඩකවෙල හරහා ඇඹිලිපිටිය දක්වා ගමන්කර ආපසු පනාවැන්න කරා පැමිණීමයි.

ජයග්‍රාහකයන් සඳහා ප්‍රථම, දෙවැනි, තෙවැනි, සිවුවැනි හා පස්වැනි ස්ථාන සඳහා රු.300000/= 200000/= 100000/= 75000/= හා 50000/= ක් පිරිනැමෙන අතර පැයක් ඇතුළත තරඟය නිම කරන සියලුම තරගකරුවන් සඳහා රුපියල් පන්දහස බැගින් පිරිනැමේ. තරඟය පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහා පහත දුරකථන අංකවලින් ලබාගත හැකිය. සමීර 076 796 4090 / අරවින්ද 077 570 8832.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division