Home » අතිප්‍රබල දස මාර පිරිත

අතිප්‍රබල දස මාර පිරිත

by Mahesh Lakehouse
February 24, 2024 12:35 am 0 comment

– අතිශය දුර්ලභයි මහානුභාවසම්පන්නයි
– මාරාන්තික අපල විපත් දුරු කරයි
– සුව නොවන රෝග සුවයටද සුබයි
– පුරා දින නවයක් දිනකට වරක් බැගින් සජ්ඣායනා කරන්න

ඉතා අප්‍රකට වුවද අතිශය දුර්ලභ මහානුභාවසම්පන්න දස මාර පිරිත මාරාන්තික අපල විපත් සහ සුව නොවන භයානක රෝග පීඩාවන් වෙනුවෙන් භාවිතයට ඉතාම සුදුසු ආනුභාවසම්පන්න ශාන්තියකි. තෙරුවන් ගුණ ඇතුළත් යම් ගුරුකමක් වේනම් සීලයෙහි පිහිටා පිළිවෙත් ගරුකව සිදු කිරීම තුළ ඉතා උසස් ප්‍රතිඵල ළඟාකර ගත හැකිය. ඒරාෂ්ටක අපල කාල තුළ බෝධින් වහන්සේ නමක් අබියස වතාවත් සිදුකර වැලිමළුවේ වාඩිවී මෙම දස මාර පිරිත පුරා දින නවයක් දිනකට එක්වර බැගින් සජ්ඣායනා කිරීම සියලු අපල විපත් දුරු වීමට හේතු වේ.

කොපමණ වෙදහෙදකම් කළද සුව නොවන භයානක පිළිකා රෝග සහ දිගු කලක් සුව නොවී පවතින බිහිසුණු රෝග පීඩාවන් සඳහා පෙරා පිරිසිදු කරගත් පැන්වලට 21 වරක් පිරිත් කර දිනපතා බීමට දෙන්න. නොසිතූ ලෙස රෝග පීඩා සුවපත් වේ. නිවාස ආරක්ෂාවට නොපෑගුණ වැලි සහ ගල් පස්ලො සහ පස් තෙල් පිරිසිදු ජලය මෙම පිරිතෙන් 21වර පිරිත් කර ගෙයි සතර කොනෙත් වත්තේ අට කොනෙත් සතුන් හඬන්නට පෙරාතුව හිමිදිරි උදෑසනක වළ දමන්න.

සියලු බන්ධන සහ භූත දෝෂ දුරුවී සම්පූර්ණ ආරක්ෂාව ලැබේ. සුව නොවන බඩේ අජීර්ණයට දෙහි ඉඟුරු සහ සුදුලූනු 108 වරක් මතුරා තුන් වරක් කෑමට දෙන්න. සුව වේ. මෙම පිරිත ඕනෑම යහපත් කාරණයක් සඳහා යොදා ගෙන ඉතා උසස් ප්‍රතිඵල ලබා ගන්න. තෙරුවන් සරණයි.

1. ඉති තදුභය සේනා ඝට්ටයං අඤ්ඤ මඤ්ඤං විවිධ විසම වාචං උග්ගිරන්තී රමන්තී සතත දුරිත චේලා ඛග්ගරාසී වහන්තී දුසිත ලලිත චිත්තා යුද්ධ සජ්ජා අහේසුං.

2. ඉති මුනි කකුසන්ධෝ දීපමාගම්ම මේතං බහු විධ ජන සංඝං නිබ්බුතිං පාපුනිත්වා තදහනි සසිරි සම්බෝධි සාඛං ච නෙත්වා නිදහිය ගගනම්‍හා ජම්බුදීපා අගච්ඡි.

3. ඒවම්පි කෝණාගමනෝ මුනින්දෝ දත්වා බහුන්නං ඵලමග්ගදානං නෙත්වා තතෝදුම්බර බෝධි සාඛං සෝපාගමාසී පුන ජම්බුදීපා.

4. ඒවම්පි කස්සපජිනෝ වරමණ්ඩදීපං පත්තෝ ඵලග්ගරතනෝ බහුනෝ ජනස්ස දත්වාන ආනීත තං වට බෝධි සාඛං රෝපාපයිත්ව මගමා පුන ජම්බුදීපං.

5. පාරෝහ දන්තෝ චිත කූට කුම්භෝ අනේක සෝතත්ථ විරාජමානෝ සෝනිජ්ජරා සාර මදප්පවාහෝ ධජෝ යථා භාති පුරාධිපස්ස.

6. තස්මිං සමන්තනග මුද්ධනි ලෝක නාථෝ
ඡබ්බණ්ණ රංසිනිකරං දිසි පග්ඝරන්තෝ
භික්ඛූහි සෝ පරිවුතෝ සරසාගරන්තෝ
ඕලෝකයං ඨිතමකාසි අනෝම වන්ණෝ.
7. ලංකාවධූ සුමනකූට කිරිට කූට
සජ්ජේහි තග්ඝ ජිනරාජ මණීවහන්තෝ
ඉච්ඡිත්ථදං සිවපදං පටිමන්තිලෝකේ
තන්දානි භෝ භජත සේවිත සබ්බකාලං.

8. දිවා විහාරං භගවා සසංඝෝ
කත්වාන කස්මිං පන කිඤ්චිකාලං
මහීයමානේසු සදේවකේසු
තතෝ ගතෝ රෝහණ අම්බරස්මා.

9.තස්මිං සසඝෝ මුනි දිඝවාපියං
ථූපාය ඨානේ පරමාය භූමියං
ගරුං කරොත්තෝ ජනතං මහීතලේ
නිරෝධමාපජ්ජ නිසීදි උත්තමෝ.

10. විහංගමානං ගරුඩෝව මජ්⁣ඣෙ
මිගාන මජ්ඣෙ පරමෝව සීහෝ
මහා යසෝ මාර බලස්ස මජ්ඣෙ
විසාරදෝ වීත භයෝ නිසීදි.

11. සබ්බන්තමද මෝහේන
නාලාගිරිං මහාගජං
වෙස්සන්තරෝ දේවදත්ත
මේඛලා ගිරිභුසංගජං.

12. විවත්ත මද වේගේන
නාලාගිරි කරිස්සරං
මෙත්තා සද්ධානුභාවේන
සම්බුද්ධෝ නිම්මදං අකා.

වාරියපොළ කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිපති නේපාලයේ ලුම්බිණි නුවර නේපාල ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති සම්මානිත ආචාර්ය පූජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන හිමි

(කොළඹගම පොඩි හාමුදුරුවෝ)

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division