Home » AIA 2024 වසර සඳහා සහයෝගිතා බෙදාහැරීම් ව්‍යාපාර දියත් කරයි

AIA 2024 වසර සඳහා සහයෝගිතා බෙදාහැරීම් ව්‍යාපාර දියත් කරයි

by Mahesh Lakehouse
February 24, 2024 12:30 am 0 comment

AIA ඉන්ෂුවරන්ස් 2024 වසර සඳහා සිය සහයෝගිතා බෙදාහැරීම් ව්‍යාපාර දියත්කිරීමේ උත්සවය නොබෝදා පැවැත්වීය.

AIA, දශක දෙකකට ආසන්න කාලය තුළ බැංකු රක්ෂණ ක්ෂේත්‍රය තුළ ක්‍රමයෙන් පරිණාමය වෙමින් අත්පත් කර ගත් සාර්ථකත්වය මෙම උත්සවයේ දී සමරන ලදි. AIA මෙරට ප්‍රමුඛතම බැංකු සමඟ, බැංකු රක්ෂණ කටයුතු සඳහා ඉතා සමීපව කටයුතු කර ඇති අතර, NDB සහ DFCC යන බැංකු සමඟ දීර්ඝකාලීන සහයෝගිතාවන් පවත්වාගෙන යයි.

තවද මෙරට මූල්‍ය ක්ෂේත්‍රය තුළ තව දුරටත් සිය පියසටහන් විහිදුවමින් AIA නොබෝදා කොමර්ෂල් බැංකුවේ නිත්‍ය බැංකු රක්ෂණ සහකරු ලෙසද සුවිශේෂී හවුල්කාරිත්වයකට එළැඹිණි. මෙම උත්සවයේ දී AIA – NDB සහයෝගීතාවයේ වර්ධනය වෙනුවෙන් නායකත්වය දෙමින් සිදු කළ කාර්යභාරය වෙනුවෙන් NDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ ඩිමන්ත සෙනෙවිරත්න ඇගැයීමට ලක් කිරීම ද සිදු විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division