Home » දින 45ට සංචාරක ව්‍යාපාරයෙන් රුපියල් කෝටි 700ක්

දින 45ට සංචාරක ව්‍යාපාරයෙන් රුපියල් කෝටි 700ක්

by Mahesh Lakehouse
February 17, 2024 12:33 am 0 comment

මේ වසරේ මාස එකහමාරක කාලය තුළදී සංචාරක ව්‍යාපාරය මඟින් රුපියල් කෝටි 700ක් උපයා ගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් නලින් පෙරේරා සිළුමිණට පැවසීය.

2024 වසරේ සංචාරකයන් පැමිණීමේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කරමින් නැවත කර්මාන්තය යථාතත්ත්වයට පත් වූ බවත්, පළමු මාස එකහමාරක කාලය තුළ සංචාරකයන් 306,708ක් මෙරටට පැමිණ ඇති බවත්, ඔහු පෙන්වා දුන්නේය.

ඒ අනුව මේ වසර තුළදී සංචාරකයින් මිලියන 2.3ක් හෝ ඊටත් වඩා වැඩි පිරිසක් මෙරටට පැමිණෙනු ඇතැයි ඇස්තමේන්තු කර ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය. ඒ අනුව සංචාරක කර්මාන්තය නුදුරේදීම ඉහළම විදේශ විනිමය උපයන්නා බවට පත් වන බවද හෙතෙම මෙහිදී පැවසීය.

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division