Home » කතරගම ලොතරැයි වංචාවක් ගැන විමර්ශන

කතරගම ලොතරැයි වංචාවක් ගැන විමර්ශන

by Mahesh Lakehouse
February 17, 2024 12:29 am 0 comment

ජාතික ලොතරැයි මණ්ඩලයේ මහජන සම්පත ලොතරැයිය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලග්න වාසනා ටිකට් පත්හි නාමයන් උපයෝගී කරගෙන ඌව පළාත කේන්ද්‍ර කරගෙන සිදු කරන මහා පරිමාණ වංචාවක් සම්බන්ධව කතරගම පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මේ තත්ත්වය නිසා කතරගම, බුත්තල වැල්ලවාය, මොනරාගල, මැදගම, බිබිල, ආඳා උල්පත, මහියංගණය, හසලක, බදුල්ල, ප්‍රදේශවල ලොතරැයි අලෙවියට බරපතළ තර්ජනයක් එල්ල වී තිබේ.

අදාළ ලොතරැයිහි නාමයන් උපයෝගී කරගෙන මහජන සම්පත ලොතරැයියේ අවසන් අංක දෙකට හා ලග්න වාසනා ලොතරැයියේ ලග්නයට අදාළව ‘ලොටෝ‘ ක්‍රමයේ වංචනික ලොතරැයි පත් සකසා මුදල් එකතු කිරීමේ වංචාවක් ක්‍රියාත්මක කර තිබේ.

මේ වංචාව මෙහෙය වූ පිරිසක් පසුගිය 15 වැනිදා කතරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර වරද පිළිගැනීමෙන් අනතුරුව රුපියල් 25.000 දඩයක් නියම කර තිබේ. මෙසේ අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් දෙදෙනකු ද වන අතර, ඔවුන් තිදෙනාම කතරගම පදිංචිකරුවන්ය.

මෙම ක්‍රමය වඩාත් ප්‍රචලිත වීම සමඟම ලොතරැයි අලෙවිය සීඝ්‍ර ලෙස අඩු වූ බවත් අවුරුදු එකහමාරකට කලින් මේ සම්බන්ධව වගකිවයුතු රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කළත් අත් අඩංගුවට පත්වන අය උසාවියට ඉදිරිපත් කළ ද සූදු පනත යටතේ රුපියල් 100ක දඩයක් ගෙවා නිදහස් වන බවද ප්‍රාදේශීය අලෙවි කළමනාකාරවරයා කීවේය.

ටානියා මෝසස්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division