කොළඹ නගරයේ ඓතිහාසික ගොඩනැඟිල්ලක් රැස්වීම්වලට ගැළපෙන ආකර්ෂණීය ලෙස පරිවර්තනය කර එළිදැක්වීම එක්සෙල් වර්ල්ඩ් සාඩම්බරයෙන් නිවේදනය කරයි. වාහන නැවැත්වීමේ විශාල ඉඩකඩක් සහ පහසු ප්‍රවේශයක් සහිත වර්ග අඩි 30,000ක් පුරා පැතිරුණු එක්සෙල් කළම්බු’ සම්මේලන මධ්‍යස්ථානය මෙරට වාස්තු විද්‍යාත්මක දස්කම් මනාව පිළිබිඹු කරයි. දහසක් පමණ වූ අමුත්තන් පිරිසකට එක වර සත්කාරකත්වය සැපයිය හැකි මෙය සම්මන්ත්රණ ප්‍රදර්ශන, රාත්‍රී භෝජන සංග්‍රහ, ගෘහස්ථ ප්‍රසංග, වාර්ෂික මහා සභා රැස්වීම් සහ වෙළෙඳ සල්පිල් ඇතුළු විවිධාංගික අවස්ථා සඳහා මධ්‍යස්ථානයක් ලෙස ප්‍රචලිත වන බව නොඅනුමානය. ” එක්සෙල් කළම්බු’ මධ්‍යස්ථානය ව්‍යාපාරවල උද්යෝගිමත් වර්ධනයක් ඇති කිරීම වෙනුවෙන් උසස් මට්ටමේ පහසුකම් සැලසීමට සූදානමින් සිටියි. දැරිය හැකි මිල සහිත ආහාර පාන සහ සේවා මෙනු තරගකාරී මිලකට පිරිනමන රැස්වීම් පරිශ්‍රයන් සමග ඔබේ මුදලට වටිනාකමක් ලබා දීම සඳහා අප කැපවී සිටිමු. ‘එක්සෙල් කළම්බු’ ප්‍රධාන විධායක නිලධාරී පුලින්ද ප්‍රනාන්දු පැවසීය.
‘එක්සෙල් කළම්බු’ උත්සව අවස්ථාවන්ට විවෘතයි
9
previous post