Home » ප්‍රථම වරට ශ්‍රී ලාංකේය ඇඟලුම් එංගලන්තයේ ප්‍රවර්ධනය කෙරේ

ප්‍රථම වරට ශ්‍රී ලාංකේය ඇඟලුම් එංගලන්තයේ ප්‍රවර්ධනය කෙරේ

by Mahesh Lakehouse
February 10, 2024 12:30 am 0 comment

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), Sri Lanka Apparel Sourcing Association (SLASA) එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) එක්ව ප්‍රථම වරට Sourced Sri Lanka – Textile & Apparel Roadshow නමින් අපනයන ප්‍රවර්ධන වැඩසටහනක් සංවිධානය කිරීමට තීරණය කර ඇත. මෙම ප්‍ර‍දර්ශනය 2024 ජූනි මස ලන්ඩන් නගරයේ දී පැවැත්වීමට නියමිත අතර, ශ්‍රි ලාංකික ප්‍රදර්ශකයින් 50 දෙනකු, විදේශීය ගැනුම්කරුවන් සහ වෙළෙඳ නැරැඹුම්කරුවන් දහසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර ඇත.

2026 වසර වන විට එක්සත් රාජධානියට ඇ.ඩො.බි. එකකින් ඇඟලුම් අපනයනය වැඩි කිරීමේ අරමුණින් යුතුව නව ගැනුම්කරුවන් සමඟ සම්බන්ධ වීම සහ එක්සත් රාජධානියේ දැනට සිටින ගැනුම්කරුවන් සමඟ සබඳතා ශක්තිමත් කිරීම ප්‍ර‍දර්ශනයේ මූලික අරමුණයි. ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ යුරෝපා රටවල පසුගිය වසර දෙකෙහි ඉහළ වෙළෙඳපොළ (High-end Market) තුළ ඇති ඉල්ලුම අඩු වීමේ තත්ත්වයට මුහුණදීම සඳහා නව වෙළෙඳපොළ සහ නව ගැනුම්කරුවන් හඳුනා ගැනීමේ එක් වැදගත් පියවරක් ලෙස Sourced Sri Lanka – Textile & Apparel Roadshow සංවිධානය කෙරෙනු ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division