Home » බොලිවුඩයේ ගිනිසිළුව පිළිකාවකින් මියයයි

බොලිවුඩයේ ගිනිසිළුව පිළිකාවකින් මියයයි

by Mahesh Lakehouse
February 3, 2024 12:30 am 0 comment
ෆවුස් මොහොමඩ්

වසර 2011 දී ඉන්දියාව ලෝක කුසලානය ජයගන්නේ නම් ක්‍රීඩාංගණයේදීම ප්‍රසිද්ධියේ නිරුවත් වන බවට ඔට්ටු අල්ලා ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් වූ සුරූපි බොලිවුඩ් නිළිය සහ මොස්තර නිරූපණ ශිල්පිනිය පූනම් පාණ්ඩේ මෙලොවින් සමුගත්තාය.

අඩනිරුවත් වීඩියෝ පට සහ නිරුවත් ඡායාරූප ප්‍රසිද්ධියට පත් කිරීමෙන් ලොව පුරා තරුණයන්ගේ සහ වැඩිහිටි පිරිමින්ගේ ආකර්ෂණයට ලක් වී සිටි ඇය මියගියේ ගැබ්ගෙළ පිළිකාවකින් පීඩා විඳිමින් සිටියදීය.

32 හැවිරිදි පූනම් පාණ්ඩේ ජීවිතක්ෂයට පත් වූ බව ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවෙහි සටහනක් තබමින් කළමනාකාරවරයා විසින් තහවුරු කරනු ලැබූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

වසර 2011 දී වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැති ලෝක කුසලාන අවසන් මහා තරගයේදී සැබැවින්ම ශ්‍රී ලංකා පිල පරාජය කරමින් ඉන්දීය පිල ලෝක කුසලානය ජයග්‍රහණය කළ ද, එල්ල වූ මහජන විරෝධතා හේතුවෙන් ඇය සිය නිරුවත් වීමේ ඔට්ටුව ඉල්ලා අස්කර ගත් බව සඳහන් වූවද, පසුව ඇය කියා සිටියේ එදින රාත්‍රියේ ක්‍රීඩාංගණයේදී එසේ නිරුවත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අවසර නොදුන් බවය.

කෙසේ වුවද ඇය පසුව සිය ජංගම දුරකතනයෙන් නිරුවත් වීඩියෝවක් මුදා හැර තිබු බව ද වාර්තා වේ. 2012 වසරේදීද ඇය මෙවැනිම ඔට්ටුවක් තැබූවාය. එම ඔට්ටුව වූයේ එවර අයිපීඑල් තරගාවලියේදී කල්කටා නයිට් රයිඩර්ස් පිල කුසලානය දිනා ගන්නේ නම් නිරුවත් ඡායාරූප පෙළක් අන්තර්ජාලයට මුදා හරින බවය.

අවසානයේදී කල්කටා නයිට් රයිඩර් පිල අයිපීඑල් කුසලානය දිනාගත් අතර ඇය සිය පොරොන්දුව එලෙසින්ම ඉටු කළාය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division