Home » ලස්සන ඇග්‍රී සමාගමෙන් මෙරට ප්‍රථම හරිතාගාර පරිශ්‍රයක්

ලස්සන ඇග්‍රී සමාගමෙන් මෙරට ප්‍රථම හරිතාගාර පරිශ්‍රයක්

by gayan
February 3, 2024 12:30 am 0 comment

දේශීය හා විදේශීය වෙළඳ පොළට නැවුම් හා පෝෂණ ගුණයෙන් යුතු එළවළු හා පලතුරු සැපයීම අරමුණු කර ගත් ලස්සන ඇග්‍රී සමාගම, මෙරට කෘෂි කර්මාන්තයට නව ක්‍රමවේදයක් හඳුන්වා දී ක්‍රියාවට නංවා ඇත.ලස්සන ඇග්‍රී මූලික අරමුණ වන්නේ එළවළු හා පලතුරු මිල දරා ගත නොහැකි ලෙස ඉහළ යාම, ඒවායේ ගුණාත්මකභාවය හා නැවුම් බව පහළ යාම, පමණ ඉක්මවා අහිතකර ලෙස රසායන ද්‍රව්‍ය භාවිතය සහ දේශගුණික විපර්යාස නිසා ඵලදාවට වන්නා වු පසු අස්වනු හානි ආදි ප්‍රශ්න ගැන ප්‍රායෝගිකව විසඳුම් ලබා දීමය. මෙම ව්‍යාපෘතිය යටතේ ගොවීන් හට නවීනතම කෘෂි තාක්ෂණය, හරිතාගාර සහ ගොවි උපකරණ ලබාදීමට ද පියවරගෙන තිබේ. එමෙන්ම ගොවීන්ගේ ඵලදාව නිසි මිලකට මිල දී ගැනීමට ගිවිසුම් ගත වීමට ලස්සන ඇග්‍රී දැනටමත් එකඟතාව පළකොට ඇත. එමෙන්ම Ginegar India සහ Agriplast India යන ආයතන සමඟ ගිවිසුම්ගත වීමත් සමඟ මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ගොවීන් සහ කෘෂි ආයෝජකයින් වෙනුවෙන් අධි තාක්ෂණික, මධ්‍ය තාක්ෂණික හරිතාගාර සැපයීමට දැන් හැකිවී තිබේ. Lassana සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ වෛද්‍ය ලසන්ත මලවිගේ පවසන්නේ Lassana Agri සමාගමේ මූලික අරමුණ, මෙරට ගොවීන් දරිද්‍රතාවයෙන් මුදවා නවීනතම කෘෂි තාක්ෂණය වෙත යොමු කරවීම බවය. ඉදිරියේදී දිවුලපිටිය ප්‍රදේශයේ අක්කර 7ක භූමි ප්‍රදේශයක පිහිටුවන හරිතාගාර පරිශ්‍රයේදී ලංකාවේ ප්‍රථම අධිතාක්ෂණික හා කෘෂිකාර්මික දැනුම් හා පුහුණු මධ්‍යස්ථානය ආරම්භ කිරීමට ද ලස්සන ඇග්‍රී සමාගම පියවර ගෙන ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division