Home » Royal Aquarium නව ප්‍රදර්ශනාගාරය වත්තල ඔලියමුල්ලේදී විවෘත වේ

Royal Aquarium නව ප්‍රදර්ශනාගාරය වත්තල ඔලියමුල්ලේදී විවෘත වේ

by gayan
February 3, 2024 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ විශාලතම මින්මැදුරක් වන Royal Aquarium & Accessories පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගියදා වත්තල ඔලියමුල්ල ප්‍රදේශයේදී විවෘත විය. මෙම මින්මැදුරේ විවිධ සුරතල් මසුන්ට අමතරව, එම කර්මාන්තයට අවශ්‍ය උපාංග, දේශීය හා විදේශීය පක්ෂීන් සහ වෙනත් සුරතල් සතුන්ද ඇති අතර, එකම වහලක් යට මෙවැනි වර්ගීකරණයක් තිබීම, සතුන්ට ආදරය කිරීමෙන් මානසික සුවය සොයන ජනතාවට විශාල පහසුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන පැවසීය. එමෙන්ම, ඔහු පැවසූයේ, කර්මාන්තයේ නව තාක්‍ෂණික ප්‍රවණතාවලට අනුව මෙම ප්‍රදර්ශනාගාරය සංවර්ධනය කර ඇති අතර, එයින් ප්‍රදේශයට වටිනාකමක් සහ සංවර්ධනයක් එක්වන හෙයින් මෙය තමන්ගේම ව්‍යාපාර ආරම්භ කිරීමට බලාපොරොත්තු වන නව ව්‍යවසායකයින්ට ද ආදර්ශයක් සහ දිරිගැන්වීමක් වන බවයි. කෙරවලපිටිය වත්තල ප්‍රදේශයේදී කුඩාවට ආරම්භ කළ මෙම ආයතනය, පාරිභෝගිකයින් හට සුරතල් මසුන් කර්මාන්තයේ නව ඉසව් සහ නව අත්දැකීම් ලබාදීමේ ප්‍රතිඵලයක් ලෙස, මෙසේ සංවර්ධනය වී තිබීම සතුටට කාරණයක් බවද ඔහු පැවසීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division