Home » අධිවේගී මාර්ගවල අනතුරු වැළැක්වීමට විශේෂඥ කමිටු රැස්වීමක් සඳුදා

අධිවේගී මාර්ගවල අනතුරු වැළැක්වීමට විශේෂඥ කමිටු රැස්වීමක් සඳුදා

by Mahesh Lakehouse
January 27, 2024 12:30 am 0 comment

පිට පිටම කටුනායක අධිවේගී මාර්ගයේ මාරක රිය අනතුරු දෙකක් සිදුවීම හේතුකොටගෙන ඉදිරිපත් වී ඇති කරුණු හා වාර්තා ගැඹුරින් අධ්‍යයනය කර පිළියම් ඉදිරිපත් කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් සහ උසස් නිලධාරීන් අධිවේගී මාර්ග අනතුරු වැළැක්වීම සම්බන්ධ විශේෂඥතාවක් ලැබූ ආරාධිතයන්ගෙන් ද සමන්විත රැස්වීමක් ජනවාරි 29 වැනිදා සඳුදා උදේ 9.30ට කැඳවීමට ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් රංජිත් රූබසිංහට උපදෙස් දී තිබේ.

කොවිඩ් වසංගත සමයේ රට වසා තිබූ අවස්ථාවේ කටුනායක අධිවේගී මාර්ගයේ රුපියල් මිලියන 250කට වැඩි වටිනාකමකින් යුත් තඹ රැහැන් පද්ධතියේ කම්බි සොරුන් කපාගෙන යාම හේතුකොටගෙන කටුනායක මාර්ගයේ විදුලි සැපයුම විසන්ධි වීම සිදුව තිබිණි.

එහිදී තඹ කම්බි වෙනුවට ඇළුමිනියම් කම්බි යොදා කෙරවලපිටියේ සිට යළිත් විදුලි සැපයුම් පද්ධතිය සකසාගෙන එන බැවින් එහි ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ද එදිනට ඉදිරිපත් කරන ලෙස ද අමාත්‍යාංශ ලේකම්වරුන්ට ඇමැතිවරයා උපදෙස් දී තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division