Home » පොලී අඩු නොකළ බැංකුවලින් නිදහසට කරුණු විමසයි

පොලී අඩු නොකළ බැංකුවලින් නිදහසට කරුණු විමසයි

by Mahesh Lakehouse
January 27, 2024 12:30 am 0 comment
තාරක වික්‍රමසේකර

බැංකු පොලී අනුපාත අඩු නොකරන බැංකුවලින් නිදහසට කරුණු විමසා ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ කීය. ගනුදෙනුකරුවන්ට සහන ලබා දෙන ලෙසත් ඒ වෙනුවෙන් අඩු කළ පොලී අනුපාත අනුව කටයුතු කරන ලෙස බැංකුවලට කළ දැන්වීම අනුව බොහෝ බැංකු කටයුතු කර ඇති බව පෙන්වා දුන් අධිපතිවරයා ඇතැම් බැංකු එය ක්‍රියාත්මක කරමින් සිටින බවත් පැවසුවේය.

එහෙත් ඇතැම් බැංකු ඒ පිළිබඳව මේ වනතෙක් කටයුතු නොකිරීම නිසා මෙසේ නිදහසට කරුණු විමසා ඇතැයි ද අධිපතිවරයා පෙන්වා දුන්නේය. ගනුදෙනුකරුවන් මුහුණ පා ඇති අසීරුතා පිළිබඳව පොලී අනුපාත කඩිනමින් අඩු කරනු පිණිස එසේ කටයුතු කර ඇතැයි ද අධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division