Home » ණය ගෙවීම කලින්ම කල් දමා­ගන්න තිබුණා – සජබ පාර්ලි­මේන්තු මන්ත්‍රී කබීර් හෂීම්

ණය ගෙවීම කලින්ම කල් දමා­ගන්න තිබුණා – සජබ පාර්ලි­මේන්තු මන්ත්‍රී කබීර් හෂීම්

by damith
January 20, 2024 12:38 am 0 comment

අපට ණය ගෙවී­මට නොහැකි නම් ඒ බව පූර්ව දැනුම් දීමක් කර ණය ගෙවීම් කල් දමා ගැනී­මට අව­කාශ තිබුණු බව සජබ පාර්ලි­මේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පව­සයි.

එසේ කට­යුතු කළ රට­වල් ඉතා ඉක්ම­නින් යථා තත්ත්ව­යට පත් වූ බව ද මන්ත්‍රී­ව­රයා කීවේය.

ලෝක අත්දැ­කීම් අනුව එය පිළි නොගෙන අවි­ධි­මත් බංකො­ලොත් භාව­ය­කට යන රට­කට යළි නැඟී සිටීම අසිරු බවත් මහ බැංකුවේ අධි­ප­ති­ව­රුන් නිසි වේලා­වට නිවැ­රැදි තීන්දු නොගැ­නීම මීට හේතු සාධක වූ බවත් ඔහු පෙන්වා දුන්නේය. ජාත්‍ය­න්ත­රය තුළ මූල්‍ය විශ්වා­ස­යක් ඇති කිරී­මට වින­යක් ඇති කිරී­මට IMF උදව් කරන බව පෙන්වා දුන් මන්ත්‍රී­ව­රයා පැව­සුවේ

IMF කිසිදු රට­කට කිසිදු බල­පෑ­මක් නොක­රන බවයි.

රාජ්‍ය ආදා­යම දළ දේශීය නිෂ්පා­දි­ත­යෙන් 12% වැඩි කිරී­මට අපට උප­දෙස් ලබා දුන් නමුත් එවැ­න්නක් ක්‍රියා­ත්මක වන බවක් නොපෙ­නෙන බවද මන්ත්‍රී­ව­රයා කීවේය.

සුභද්‍රා දේශප්‍රිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division