Home » ඔන්ලයින් ණය මගඩි මඬින්න නව නීති

ඔන්ලයින් ණය මගඩි මඬින්න නව නීති

by Mahesh Lakehouse
January 13, 2024 12:32 am 0 comment
ස්වර්ණා විජේකෝන් සහ සන්ධ්‍යා කරුණාරත්න

ඔන්ලයින් ණය ජාවාරම් මර්දනය කිරීම සඳහා බලතල සහිත නව නීති ගෙන ඒමට රජය කටයුතු කරගෙන යයි.

ශ්‍රී ලංකා ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන පනත් කෙටුම් පත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එහෙත් ඔන්ලයින් ණය ජාවාරම් වැනි ප්‍රශ්නවලට එම කෙටුම්පතෙන් පූර්ණ ආවරණයක් ලබා ගැනීමට නොහැකි බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ පාර්ලිමේන්තුවේදී ඉකුත් 12වැනිදා ප්‍රකාශ කළේය. ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ ඔන්ලයින් ණය ජාවාරම පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මෙය බරපතළ අවදානම් සහගත තත්ත්වයක් බව රජය හඳුනා ගෙන ඇති බව ද වැඩි වශයෙන් මෙම තත්ත්වයට කාන්තාවන් ගොදුරු වී ඇති බව ද වැඩිදුරටත් පෙන්වා දුන් මුදල් රාජ්‍ය ඇමැතිවරයා ක්ෂුද්‍ර ණය ක්‍රියාකාරකම්වලට සම්බන්ධ විදේශිකයන් සම්බන්ධයෙන් නව නීති ගෙනවිත් නිසි ක්‍රයාමාර්ග ගැනීමට රජය කටයුතු කරන බව ද අවධාරණය කළේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division