Home » මහානුභාවසම්පන්න දැඩිමුණ්ඩ දේව වරම

මහානුභාවසම්පන්න දැඩිමුණ්ඩ දේව වරම

by thanushika
January 13, 2024 12:31 am 0 comment

වාරියපොළ කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිකාරී
නේපාලයේ ලුම්බිණි නුවර නේපාල ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති
සම්මානිත ආචාර්ය පූජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන හිමි
(කොළඹගම පොඩි හාමුදුරුවෝ)

සිද්ධාර්ථ මහා බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වූ දා ඇති වූ මාර යුද්ධයේදී මහා බලවත් දෙවිවරුන් පවා බියෙන් පැන ගිය මොහොතේ බුදුරජාණන් වහන්සේ තනිකර පලා නොගොස් උන්වහන්සේ වෙතම රැඳුණු එකම දේවතාවා දැඩිමුණ්ඩ දෙවියන් බව ඉතා ප්‍රකට කරුණකි. නම කී තරමින් යකුන් බය ගැනෙන මහත් වූ තේජාන්විත බලයක් උන්වහන්සේට ඇත.

තෙරුවන් කෙරෙහි අතිශයින් භක්තිමත් දැඩිමුණ්ඩ දිව්‍ය රාජයා යහපත් පැවැත්මෙන් යුතුව පස් පවින් වැළකී පින් අනුමෝදන් කරවමින් මල් පහන් පූජා කරන්නවුන් හට අප්‍රමාණ ලෙස උපකාර කරයි. ඉතා පහත් පෙළේ යක්ෂ භූත කරදරවලින් මිදීමට දැඩිමුණ්ඩ දිව්‍ය රාජයාණන් උදෙසා දල්වන පහන ඉතා බලවත්ය. ශාසනාරක්ෂක බලගතු දෙවි කෙනෙකු වූ උන්වහන්සේ අපමණ පින්වන්තය. යකැදුරන් විසින් උන්වහන්සේ යක්ෂ‍යෙකු ලෙස සිතා සිටීම බලවත් මුළාවකි. එය උන්වහන්සේගේ බලවත් කෝපයට හේතු වේ.

සිළුමිණ ඉසිවර පාඨක පින්වත් ඔබ වෙත අප විසින් ඉදිරිපත් කරනු ලබන කිසිදා ඔබට නොලැබුණ මෙම බලවත් ‘දැඩිමුණ්ඩ වරම‘ යහපත් සේ භාවිත කර ජීවිතයට ඉමහත් ආශිර්වාදයක් ලබා ගන්න. ඉතා පිරිසිදු පොල්තෙල් පහනක් දල්වා ඒ වටා බුලත් කොළ හතක් තබා ඒ මත සුවඳ වනමල් අතුරා පන්සිල් සමාදන් වී තෙරුවන් වන්දනා කර කරණීයමෙත්ත සූත්‍රය සජ්ඣායනා කර ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජයාණන් මුල් කරගෙන දැඩිමුණ්ඩ දිව්‍ය රාජයාණන්ට පින් දී මෙම මහානුභාවසම්පන්න ‘දැඩිමුණ්ඩ වරම’ තුන් වතාවක් කියවන්න.

සෙනසුරාදා සහ බදාදා දිනවල සවස 6.30 පසුවූ විගස ඓතිහාසික කොළඹගම රාජමහා විහාරයේ තේවාව සිදුකරන මොහොතයි. එම වේලාවට පහන දල්වා පුද පූජා පවත්වා දැඩිමුණ්ඩ වරම කියවන්න. සියලු රෝගාබාධවලට බලවත් අමනුෂ්‍ය දෝෂවලට, ඔල්මාද ගතිවලට, විවිධ ප්‍රේත බලපෑම් නිසා රෝගී වූවන්ට දැල් වූ පහනේ තෙල් හිස ගල්වන්න.

දේව වරම් බලාපොරොත්තුවෙන් කටයුතු කරන පින්වතුන් පිළිවෙත් ගරුකව මෙම වතාවත් සිදු කිරීමේදී දැඩිමුණ්ඩ දේව වරම් බල පිහිටුවනු ඇත. ස්ථානවල සෞභාග්‍ය උදෙසා මෙම පූජාවන් පැවැත්වීමේදී පූජා යහන මත පිච්ච මල් කිහිපයක් හෝ පූජාකර ගත හැකිනම් එය ඉතා බලවත් බව සිහියට ගන්න.

*******************

දැඩිමුණ්ඩ දිව්‍යරාජයා තමන්ට මල් පහන් තියා පුද පූජා සිදුකරන අයට අප්‍රමාණ ලෙස උපකාර කරයි

මහා දැඩිමුණ්ඩ වරම…

1. ඕං හ්‍රීං – පරම ලොකෙශ්වර – ශ්‍රී රාම මණිමකුට ගිනි
දරණ අසුර ශක්‍ර දේව ස්වාමි නමඃ

2. ඕං- හ්‍රීං- විෂ්ණු මණ්ඩල අවතාර සුර සංහාර – මන්දිර ප්‍ර –
දේවස්වාමි දිෂ්ටි වර වර නමඃ
3. ඕං හ්‍රීං – විෂ්ණු රාම වාරුං – වා වා සැණෙන් දිෂ්ටි වර
වර ශ්‍රී දැඩිමුණ්ඩ නාරායණේ නමඃ
4. ඕං හ්‍රීං -ශ්‍රී රාම දැඩිමුණ්ඩ අවතාර – කන්දස්වාමි දිෂ්ටි
වර වර නමඃ

5. ඕං හ්‍රීං – ගිනි බුද්ධ රශ්මි මාලාවෙන් – පටලවා ශ්‍රී
දැඩිමුණ්ඩ දේව රාම – වාරුං වා වා – පිච්ච කුසුම
දිෂ්ටියෙන්
අහස පොළව ගුගුරුවා සලිත වර වර
නමඃ
6. ඕං හ්‍රීං ෂට්වර්‍ණ – ඝන බුද්ධ රශ්මි මාලාවෙන් පටලවා
ශ්‍රී දැඩිමුණ්ඩ දේව රාමා වා වා – සක්වළ වෙවුලවා –
ශ්‍රී දැඩිමුණ්ඩ දේවා වා වා ආතාල බහිරවා වාරුං-
වාරුං – දිෂ්ටි දිෂ්ටි වර වර නමඃ

7. ඕං හ්‍රීං අෂ්ට දික්හපාල දිෂ්ටි වර වර – අෂ්ට මහා ගජෙන්‍ද්‍ර
දිෂ්ටි වර වර – සර්ව ශත්‍රැ විනාශන් – මා මූණ බලා
විෂ්ණු අවතාර – මයුර වාහන – දේව ස්වාමි – ග්‍රහ
දිෂ්ටි – සර්වාංග දිෂ්ටි දිෂ්ටි – වර වර නමඃ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division