Home » ඉහළම පිළිගැනීමකට ලක්වන ජ්‍යොතිෂවේදියා ලෙස මියුරු සම්පත්ට සම්මානයක්

ඉහළම පිළිගැනීමකට ලක්වන ජ්‍යොතිෂවේදියා ලෙස මියුරු සම්පත්ට සම්මානයක්

by Mahesh Lakehouse
January 13, 2024 12:30 am 0 comment

පිනකල් ශ්‍රී ලංකා සම්මාන උලෙළේදී ශ්‍රී ලංකාවේ ඉහළම පිළිගැනීමකට ලක්වන ජ්‍යොතිෂවේදියා ලෙස සම්මානය දිනා ගැනීමට විශ්ව ශාස්ත්‍රඥ මියුරු සම්පත් ලියනගේ සමත් විය. එම සම්මාන උලෙළ ඉකුත් 6 වැනිදා කොළඹ, ගෝල්ෆේස් හෝටලයේදී උත්සවාකාරයෙන් පැවැති අතර එහිදී මියුරු සම්පත් එම සම්මානය ලබාගත් අවස්ථාව මෙහි දැක්වේ.

ලේක්හවුස් ප්‍රකාශනයක් වන සිළුමිණ පුවත්පතෙහි ඉසිවර ජ්‍යොතිෂ අතිරේකයේ ‘ඔබේ ජ්‍යොතිෂ ගැටලුවට විසඳුම්‘ මැයෙන් පාඨකයන්ගේ ජ්‍යොතිෂ ගැටලුවලට ජ්‍යොතිෂ විග්‍රහයෙන් පිළිතුරු සපයන ඔහුගේ සතිපතා විශේෂාංගය පාඨකයන් අතර අතිශයින් ජනප්‍රියය. එමෙන්ම සුබසෙත පුවත්පත සඳහාද මියුරු සම්පත් ඉදිරිපත් කරන ජ්‍යොතිෂ ලිපිද පාඨකයන් අතර ඉමහත් ප්‍රසාදයට ලක්ව ඇත.

හිටපු මහජන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර, ප්‍රවීණ කලාකරු සුදත් රෝහණ ඇතුළු සම්භාවනීය ආරාධිතයන් ගණනාවක් එම උත්සව අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division