Home » Hayleys Lifesciences නවතම Dornier Medilas H140 තාක්ෂණය මෙරටට හඳුන්වා දෙයි

Hayleys Lifesciences නවතම Dornier Medilas H140 තාක්ෂණය මෙරටට හඳුන්වා දෙයි

by Mahesh Lakehouse
January 13, 2024 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අධිතාක්ෂණික විද්‍යාගාර විශ්ලේෂණ උපකරණ, ශල්‍ය හා විකිරණ උපකරණ සැපයුම්කරුවෙකු වන Hayleys Lifesciences මුත්‍රා ගල් ප්‍රතිකාර සඳහා වන ප්‍රවේශය වැඩිදියුණු කිරීමේ අරමුණින් නවීනතම Dornier Medilas H140 තාක්ෂණය මෙරටට හඳුන්වාදෙන ලදී. මෙම තාක්ෂණය මඟින් වකුගඩු රෝගීන්ගේ ඉහළ ව්‍යාප්තියක් මෙන්ම උසස් ප්‍රතිකාර පහසුකම් හිඟයක් පවතින වර්තමාන තත්ත්වය වෙනුවෙන් විසඳුම් සැපයීම අරමුණු කරගනු ලබයි.

Dornier MedTech විසින් නිපදවන ලද Medilas H140 නවීනතම Holmium: YAG ලේසර් කිරණයක් වන අතර එමඟින් මෙරට මුත්‍රා ගල් ප්‍රතිකාර සඳහා නව ප්‍රමිතියක් නිර්මාණය කරමින් වකුගඩු රෝගීන්ට නිවැරදි හා ආරක්ෂිත ප්‍රතිකර්මයක් ලෙස ක්‍රියාත්මක වේ. මෙම තාක්ෂණය ඔස්සේ විශිෂ්ඨ ගුණාත්මක ප්‍රතිකාරයක් සහතික කරමින් වඩාත් ආරක්ෂිත හා වේගවත් අයුරින් මුත්‍රා ගල් ඛණ්ඩනය කරනු ලබන බව Hayleys Lifesciences නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ අතුල විජයානන්ද පවසයි..

Dornier Medilas H140 ලේසර් යන්ත්‍රය මේ වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහල හා කළුතර ශික්ෂණ රෝහලේ ක්‍රියාත්මක වේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division