Home » කවි සිළුමිණ

කවි සිළුමිණ

by Mahesh Lakehouse
January 6, 2024 12:30 am 0 comment

හිත මිස කය නැති!

මම
මැස්සන් එළ­ව­මින්
සිටි­යෙමි
දිරා­ගිය වහ­ල­යක්
අබ­ලන් කර­ත්ත­යක්
රුවල් ඉරුණු
ඔරු­වක්
ඇට පෑදුණු
ගොන් මාල්ලෙක්
මා සඳහා උපමා කළ හැකිය
එහෙත් දුකක් නැත
සිත මිස
කය නැතැයි
මැස්සෝ තර්ක කරති
මම වහාම
නිල මැස්සන්
සරණ ගියෙමි

රන්ජන් අම­ර­රත්න


සුනාමිය

රූස්ස ගහකට
නැංගේ කොහොමද
ගස් යන්නට බැරි
අපෙ අම්මා

ගහ මුදුනේ සිට
සේලෙ උනාලා
දෙව්ලොව දෝ ගියෙ
අපෙ අම්මා

අතු ඉති හැම තැන
කොඩිවැල් බැඳලා
අපලෙට වත් දෝ
අපෙ අම්මා

කටු පදුරක් අග
චීත්ත පඬුරක්
බැදලා තිබ්බා
අපෙ අම්මා.

මහාචාර්ය අනුර මනතුංග


වාස­නා­ව­න්තයි අපේ රට

අවු­කන පොලොන්නරු අනුරා විජිත පුරේ
කෞතුක රසය අදත් ගල්කණු අතර පෙනේ
දළදා මැදුරෙ මියු­ගුණ සෑ සුමන ගිරේ
මුදු­නින් නඟින බුදු රැස් රට සුවඳ කෙරේ
හැම දව­ස­කම හිරු පායන වෙලා­වට
සිරිපා සෙවන දෙයි බට­හිර පළා­තට
ඒ අනු­හස් නිසා සල­කන අගය කොට
හරි වාස­නා­ව­න්තයි මේ අපේ රට

ධම්මික ජය­රං­ජන්


සර්ව ශුභ­වා­දි­යාගේ කවි

පැමිණි විට වේදනා
සිනා­සෙ­න්නෙක්මි මම
නොමැති විට වේදනා
ඊට වැඩි සතු­ට­කින්
සිනා­සෙ­න්නෙක්මි මම

එම්. චන්ද්‍ර­පාල


හද සෙනේ

ගිරි­හි­සින්
මෝදු වූ
සඳ­ව­තිය
පෙමින් බැඳි
හීන් මල් කිනි­ත්තක් තිබුණා….
දෙතොල් පෙති
ලිහි ලිහී
ළතෙත් බව විසු­රු­වන
හාදු වැස්සක්
එතන මැවුණා…
අනෝරා
වැසි වැටී
සඳ­ව­තට
නොකි­යාම
නුබ ගැබේ
සුදු සේල
ලෙහුණා…
කොහේ පාවී ගිය ද
ඔහේ ඉන්නා සිතින්
හද සෙනේ
මල මත ම රැඳුණා…
ගිගුම් දුන් වරු­සාව නිමාවී
සිහින් සිරි
පොද වැස්ස වැටුණා…
ඉරි­තැ­ළුණු
මහ පොළොවෙ
තැනින් තැන
දිය මතෙහි
සඳ­රැසේ
ඡායාව ඇඳුණා…

සමාලි දිනේත්‍රා


පාර

වත්මනේ
බෝ විසල්
පහ­සු­කම් පිරුණු නව
අධි­වේගී පාර­වල්
තුළ ගිලී සැඟව ඇත
අතීතේ දුෂ්ක­රවු
පුංචි අඩි පාර­වල්

කේ. ඩබ්ලිව්. සිරි­සේන


බැස­ගිය ගුරු තරුව නමින්

දිවි රඟ මඩලේ වේදි­කාව මතට නැඟී
කළ මෙහෙ­වර රංග­න­යක හදින් පෙවී
නිසඟ කලා ප්‍රති­භාව ළඟ හදින් මැවී
මිය ­ගි­යද නොමි­යයි දිවි සදා රැඳී
රඟ­ම­ඩ­ලක පෑයූ ඉර­බටු තරුව
කලා කෙතට ගෙන­දුන් සුන්දර මිහිර
උදා දිනිඳු නැඟ එන විට පවර
සදා හද­වතේ ඇත මගෙ ගුරු තරුව
නිමා නොවන දිවි ගමනේ තව සැර­යක්
හමු­වේවා ඔබ මහ ගුණ කන්දක්
සදා හද­වතේ ඇත අපෙ දුක් කන්දක්
නැවත හමු­වන තුරා සුව­බර නින්දක්

ගාමිණී පිට­ග­ම්පල


අව­න­ඩු­වක්

සමස්ත ලංකා සිංහල නවි සම්මේ­ල­නය යි පවරා නාමේ
සකස් කැරුණු සිංහල කවි සමු­ළුව කුළු ගන්වා ජාතික පේමේ
හිඩැස් තනා­ගෙනැ කොටස් සොරා­ගෙන හදි­ස්සි­යට බේරා ජාමේ
හින­ස්ස­මින් දැය සමස්ත වද­නයෙ අරුත යෙදී ඇත බිලි බෑමේ

කැප්පි­ටි­යා­ගොඩ කල්‍යා­ණ­වංස හිමි


නව වස­රට ආසිරි

නන් විසි­තුරු ගිනි­කෙළි, සැන­කෙළි අතරේ
මන­හර රංගන ගායන වාදන අතරේ
ආසිරි සෙත් පිරිත් සහ පුද පූජා අතරේ
සම­රති සියලු දන සතු­ටින් නව වසරේ
පසු­ගිය වසර මෙන් අන­තුරු වෙන්න එපා
තද වැසි සැඩ සුළං උව­දුරු වෙන්න එපා
දැඩි හිරු රැසින් සාගිනි දුක් වෙන්න එපා
ඩෙංගු වසං­ගත රෝ දුක් වෙන්න එපා
අර­ගල දුරුවී අග­හිඟ පහවී සැම­ටම සම­තැන් හිමි වේවා
යුද අවි ගැටුම් මෙලො­වින් පහවී ලෝ සත රැක දේවා
නිසි කල වැසි ලැබී කෙත්වතු සරුවී සව්සි­රි­යෙන් රට ඉති­රේවා
සාමය සම්පත සතුට පිරී ගිය සුබ නව වස­රක් වේවා

විමලා ආරි­ය­රත්න


මත­ක­යන්

මත­ක­යන් අම­තක
නොවන ලොව තුළින්
මිහි­රි­යා­වන් අමි­හි­රි­යා­වන්
නැඟුනු සිත් මතින්
ප්‍රචණ්ඩ හැඟුම් සෞම්‍ය හැඟුම්
පැමිණි හද­ව­ත්ව­ලින්
විඳ­වීම් දරා­ගැ­නීම්
දැනුණු ළය­වල් තරම්
කිය­න්නට ලිය­න්නට නම්
අද­හ­සුත් නැති බැවින්
පිළි­වෙ­ළින් අපි­ළි­වෙ­ළින්
නොදැ­නීම යන මෙවන්
ලැබුණු මත­ක­යන්
රැඟුව හද­වත් විසින්
නව බැඳෙන බැඳීම්
අතෑර දූර­දර්ශී නුව­ණ­තින්

ටී. මිලර්


තත්ප­රය

ඉඩ­දිය යුතුද
එකම මත­කය
හරි හැර­යන්න ?
බලා ඉඳ ඉඳ
ඒ තත්ප­රෙත් ඇති
කල්ප­යක් වගේ
විඳ­ගන්න…

නිපුනි සන්ධ්‍යා රුද්‍රිගු


පැන­යක්ම විය එය!

කිමද
මම පිළි­තුරු
නොද­නිමි
ඔබ ඇසු පැන­යට
එන­මුදු
දෙනෙ­තින් ඉඟි කළ
කිමද
ඔබ පිළි­තුරු
නොද­නිමි
මා නොඇසු
එහෙත්
දෙනෙ­තින් ඉඟි කළ
මගේ පැන­යට

සමන් හේරත්


මුළා වී

සඳ
පාර මත
දනන්
බැඳිවල!

ගාමිණී දළුවත්ත

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division