ජවිපෙ ආණ්ඩුවක් බලයට පත් වූ විට ජනතා පිට මේ වගේ අසීමිත බදු බරක් පටවන්නේ නැතැයි ද දැනට තිබෙන අසීමිත බදු බර ඉවත් කරන බව ද ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති සිළුමිණට ප්රකාශ කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මෙසේද කීවේය. “බදු ගහන තරමට මිනිසුන් ගෙවන්නේ කොහොම ද? ජනතාව රට දාලා යනවා. තව තවත් රට බංකොලොත් වෙනවා. ආදායම් බදු ගන්න ඕන ආදායමක් තිබිලා. මේ මුකුත් නැතුව ජනතාවට බදු ගහනවා. ජවිපෙ ආණ්ඩුවක් ආවොත් වැට් අනිවාර්යෙන් අඩු කරනවා.
ජවිපෙ ආණ්ඩුවක් යටතේ මේ වගේ බදු වර්ග දහයක් පහළොවක් ගහන්නේ නැහැ. දේශිය අදායම් බදු, සුරාබදු , විශේෂ වෙළදාම් භාණ්ඩ බදු සියල්ල එකතු වෙන්නේ මහ භාණ්ඩාගාරයටයි. එහෙම නම් එක බද්දක් ගැහුවාම ඇතිනේ. වරායෙන් එන භාණ්ඩයකට එක් වරක් බදු ගැහුවාම ඇති.
දැන් බද්දටත් බදු ගහන ක්රමයක් මේ ක්රියාත්මක වෙන්නේ. වැල් බදු ක්රමයට බදු අය කිරීමක් දැන් තියෙන්නේ.