Home » ශ්‍රී ලංකා රක්ෂණ සංගමයෙන් රක්ෂණ ක්ෂේත්‍ර සාමාජික හමුවක්

ශ්‍රී ලංකා රක්ෂණ සංගමයෙන් රක්ෂණ ක්ෂේත්‍ර සාමාජික හමුවක්

by sachintha
December 30, 2023 12:20 am 0 comment

ශ්‍රී ලංකා රක්ෂණ සංගමය, රක්ෂණ ක්ෂේත්‍රයේ සියලු ආයතනවල සහයෝගිත්වයෙන් සහ රක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවන්හි නියුතු සාමාජික සාමාජිකාවන්ගේ එකමුතුවෙන් ඉකුත් දෙසැම්බර් 2වැනිදා ‘Sing Along with Chandimal’ ‍රාසාංගික අත්දැකීම තලවතුගොඩ Grand Monarch හිදී සංවිධාන කරන ලදි.

හාස්‍යාත්මක අංගයකින්ද ලතින් නර්තනාංගයකින්ද වර්ණවත් වූ මෙම වැඩසටහන සිය කාර්යබහුල ජීවිතයෙන් මිදී ක්ෂේත්‍රයේ සුහදයින් සමඟ සල්ලාපයෙන් ගත කිරීමේ ඵලදායී අවස්ථාවක් නිර්මාණය කර තිබිණි.

ශ්‍රී ලංකා රක්ෂණ සංගමය ( IASL) 1989 වසරේ මෙරට පිහිටුවන ලද රක්ෂණ ක්ෂේත්‍රය සම්බන්ධ ලියාපදිංචි සමාගම් 27ම සාමාජිකත්වය දරන නියෝජිත ආයතනය වේ.

You may also like

Leave a Comment