Home » ආගමික වැරැදි විමර්ශනයට වෙනම පොලිස් ඒකකයක්

ආගමික වැරැදි විමර්ශනයට වෙනම පොලිස් ඒකකයක්

by Mahesh Lakehouse
December 16, 2023 12:30 am 0 comment
අමිල මලවිසූරිය

සමාජ මාධ්‍ය භාවිත කරමින් සිදු කරන ආගමික වැරැදි මෙන්ම ආගම් අතර සංහිඳියාව බිඳ හෙළන ආකාරයේ වැරැදි මත පතුරුවන සිදුවීම් විමර්ශනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පවත්නා පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට අනුයුක්තව වෙනම ඒකකයක් පිහිටුවීම වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත පසුගියදා සිදු කෙරිණි.

ඒ අනුව එම ඒකකය මඟින් ෆේස්බුක්, යූටියුබ් ඇතුළු සියලුම අන්තර්ජාල සමාජ මාධ්‍යයන්හි සංසරණය වන ආගමික වැරැදි සිදුවීම් විමර්ශනය සිදු කරන බවත් එම ඒකකය වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට මේ වන විට මහජනයාට හැකියාව ඇති බව ද පොලිසිය සඳහන් කරයි. ඒ සඳහා පැමිණිලි ඉදිරිපත් කිරීමට 011-2300637 දරන දුරකථන අංකයෙන්ද 011-2381045 දරන ෆැක්ස් අංකයෙන් සහ [email protected] විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද මහජනයාට හැකියාව ඇති බව ද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division