Home » පොදුජන පෙරමුණේ 2 වැනි ජාතික සමුළුව 15 දා

පොදුජන පෙරමුණේ 2 වැනි ජාතික සමුළුව 15 දා

by Mahesh Lakehouse
December 2, 2023 12:35 am 0 comment

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දෙවෙනි ජාතික මහා සම්මේලනය දෙසැම්බර් 15 දා කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වේ.

පක්ෂයේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සම්මේලනයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ හා ජාතික සංවිධායක, හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඇතුළු මැති ඇමතිවරුන් සහ සියලුම සහෝදර පක්ෂ නායකයින්, පක්ෂ සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් එක්වීමට නියමිතය.

ඊට අමතරව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ සන්ධානගතව ඇති සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් සඳහා ද මේ වෙනුවෙන් ආරාධනා කර තිබෙන අතර සම්මේලනය උත්කර්ෂවත් අයුරින් පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවේ සෑම දේශපාලන කොට්ඨාසයකම වෙසෙන පාක්ෂිකයන්ට ආරාධනා කර තිබීම ද විශේෂත්වයකි. පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග මෙන්ම රට ඉදිරියට ගෙනයන වැඩපිළිවෙළේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ භූමිකාව මෙහිදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පවසයි.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division