Home » IMF දෙවැනි වාරිකයෙන් ඩොලර් මිලියන 780ක්

IMF දෙවැනි වාරිකයෙන් ඩොලර් මිලියන 780ක්

by Mahesh Lakehouse
December 2, 2023 12:40 am 0 comment
සුරේකා නිල්මිණිි

දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනින් පසු මේ මාසයේ දී ශ්‍රී ලංකාව වෙත ඩොලර් මිලියන 780 ක මුදලක් ලැබීමට නියමිතය.

දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනට මේ වන විට ණය හිමියන්ගේ එකඟතාවය පළ කර ඇතැයි ඉකුත්දා නිවේදනය කෙරිණි.

මේ වන විට විදෙස් ණය හිමියන් මෙන්ම පෞද්ගලික ණය හිමියන්ද ලංකාවට ණය සහන කාලයක් ලබා දීමට එකඟ වී ඇති අතර ණය සහ පොලිය ගෙවීමේ කාලය දිගු කිරීමටත් ණය පොලිය යම් පමණකින් කපා දැමීමටත් තීන්දු කර ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට පිරිනමන දෙවෙනි වාරිකය වන ඩොලර් මිලියන 330 ක මුදල ලබන සති දෙක ඇතුළත නිදහස් කිරීමට නියමිතය. ඒ සමඟ ඇති කරගෙන තිබෙන එකඟතා මත ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 250ක් නිදහස් කිරීමට නියමිතව පවතී. ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන දෙසීයක් ලබාදීමටද නියමිතය.

ඒ අනුව ලබන දෙසැම්බර් මාසය ඇතුළත ඩොලර් මිලියන 780ක් හෙවත් රුපියල් බිලියන 257ක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ උපදෙස් මත කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ සම්බන්ධීකරණයෙන් මේ කටයුතු සිදු කෙරෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව සහ දේශීය වශයෙන් මුදල් අමාත්‍යවරුන් වන ශෙහාන් සේමසිංහ සහ රංජිත් සියඹලාපිටිය යන රාජ්‍ය ඇමැතිවරුන්ගේ ද මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකු නිලධාරීන් ද අතර අදාළ සම්බන්ධීකරණ කටයුතු මෙහෙයවනු ලබන්නේ සාගල රත්නායක විසිනි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division