අපරික්ෂාකාරී ලෙස රිය පදවා රාජගිරිය ප්රදේශයේ දී 2016 වසරේ තරුණයකුට බරපතළ තුවාල සිදු කිරීම ඇතුළු අධි චෝදනා හතරක් යටතේ හිටපු ඇමැති පාඨලී චම්පික රණවකට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර ඇති නඩු විභාගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් අභියාචනාධිකරණය ඉකුත් 24 සිකුරාදා නිකුත් කළේය.
කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙන නඩුවේ විභාගය අත්හිටුවන ලෙස ඉල්ලා හිටපු ඇමැති පාඨලී චම්පික රණවක විසින් ඉදිරිපත් කර තිබෙන ප්රතිශෝධන පෙත්සම සම්බන්ධයෙන් මූලික කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.
එකම චෝදනාව සම්බන්ධයෙන් ම පෙත්සම්කරුට එරෙහිව නඩු දෙකක් පැවරීමට නීතිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් විමසා බැලිය යුතු නීතිමය කරුණක් ඇති බවට තීරණය කරමින් අදාළ අතුරු තහනම් නියෝගය අභියාචනාධිකරණ විනිසුරු එම්. සී. බී. එස් මොරායස්ගේ එකඟතාව සහිත
සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න විසින් ප්රකාශයට පත් කෙරිණි. එම අදාළ අතුරු තහනම් නියෝගයේ පෙත්සම් විභාගය අවසන් වන තෙක් බලපැවැත් වේ. පෙත්සම් විභාගය ලබන වසරේ මාර්තු මස 04 වැනිදා ඇරඹීමට නියමිතය.
නෙල්කා මැදගෙදර