Home » SLT සමූහ ව්‍යාපාරය 2023 තෙවන කාර්තුවේ මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරයි

SLT සමූහ ව්‍යාපාරය 2023 තෙවන කාර්තුවේ මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරයි

by gayan
November 25, 2023 12:30 am 0 comment

SLT සමූහ ව්‍යාපාරය 2023 සැප්තැම්බර් 30 දිනයෙන් අවසන් වූ තෙවන කාර්තුව සඳහා මධ්‍යස්ථ වර්ධනයක් සහිතව සිය මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර ඇත. SLT PLC හි ආදායම 3.7% ක වර්ධනයක් සමඟින් රු. මිලියන 17,490 ක් ලෙස වාර්තාවන අතර, Mobitel සමාගම 2022 වර්ෂයේ තුන්වැනි කාර්තුවට සාපේක්ෂව මෙම කාර්තුවේදී 2.7% ක අව-වර්ධනයක් වාර්තා කර ඇත.

කාර්තුව සඳහා සමූහයේ ඒකාබද්ධ ආදායම රු. බිලියන 27.7ක් ලෙස වාර්තා වූ අතර, එය පෙර වර්ෂයේ අදාළ කාර්තුව සඳහා වාර්තා වුණු රු. බිලියන 26.7ක ආදායමට සාපේක්ෂව 3.9%ක වර්ධනයකි.

මූලික වශයෙන් Broadband, PEOTV සහ Enterprise ආදායම් මාර්ග හේතුවෙන් SLT PLC හි ආදායම ඉහළ ගොස් ඇත. කාර්තු කිහිපයක් පුරා ආදායම් වර්ධනයේ පහළ යාමක් වාර්තා කළ Mobitel නැවත වරක් සාධනීය ප්‍රවණතාවක් පෙන්නුම් කරමින් 2023 දෙවැනි කාර්තුවට සාපේක්ෂව 2023 තුන්වැනි කාර්තුවේදී 3% ක ආදායම් වර්ධනයක් වාර්තා කරගෙන තිබේ.

2023 සැප්තැම්බර් 09 දිනයෙන් අවසන් වූ මාස 9 සඳහා SLT සමූහයේ මෙහෙයුම් පිරිවැය රු. බිලියන 57 ක් වූ අතර, මෙය පසුගිය වසරේ අදාළ කලසීමාවේ වාර්තා වූ රු. බිලියන 49.6 ට සාපේක්ෂව 14.9% ක ඉහළ යාමකි. මෙම මූල්‍ය ප්‍රතිඵල සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී, ජානක ආර්. අබේසිංහ මෙසේ අදහස් දැක්වී ය. “අඛණ්ඩව ඉහළ ගුණාත්මකභාවයකින් දුරකතන සේවා ලබාදීම සහ පාරිභෝගිකයන් රඳවා ගැනීමට නිරන්තරයෙන් අවධානය යොමු කිරීම මඟින් අපට යහපත් ප්‍රතිඵල අත්වී ඇති බව පැහැදිලියි. වර්තමානයේ පවතින අභියෝග ජයගනිමින්, සමස්ත ශ්‍රී ලාංකිකයන්ට සුවිශේෂී සම්බන්ධතා පහසුකම් ලබාදීම සඳහා සමූහයක් ලෙස අප කැප වී සිටිනවා.”

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division