Home » DIMO – Bison බෝට් ට්‍රැක්ටරය හඳුන්වා දෙයි

DIMO – Bison බෝට් ට්‍රැක්ටරය හඳුන්වා දෙයි

by gayan
November 25, 2023 12:30 am 0 comment

DIMO, සිය කෘෂිකර්ම අංශය වන DIMO Agribusinesses හරහා මෙරට ප්‍රථම බෝට් ට්‍රැක්ටරය වන Bison හඳුන්වා දෙන ලදී. Bison බෝට් ට්‍රැක්ටරය ඕනෑම කුඹුරක් සඳහා සුදුසු වන අතර එය සතු ගැඹුරු, එරෙන මඩ සහිත කුඹුරුවල ක්‍රියාකිරීමේ සුවිශේෂී හැකියාව තුළින් එය වගුරු කුඹුරු සඳහා වඩාත් සුදුසු වේ.

DIMO හි විධායක අධ්‍යක්ෂ සහ කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ අංශය අධීක්‍ෂණය කරන රජීව් පණ්ඩිතගේ මෙම නවෝත්පාදනයේ වැදගත්කම පිළිබඳ මෙසේ සිය අදහස් දැක්වීය. “Bison බෝට් ට්‍රැක්ටරය මෙරට කෘෂිකාර්මික යාන්ත්‍රිකකරණ අංශය සවිබල ගැන්වීම සඳහා DIMO විසින් හඳුන්වාදෙන අලුත්ම නවෝත්පාදනයයි. මේ තුළින් රටෙහි කෘෂි යන්ත්‍රණයට නව අරුතක් එක් කරමින් ගොවි ප්‍රජාවගේ සිහින හා අභිලාශයන් බලගන්වනු ඇත.”

Bison බෝට් ට්‍රැක්ටරයේ කැපී පෙනෙන ලක්ෂණයක් ලෙස හෙක්ටයාර් එකක භූමි ප්‍රදේශයක පැයකට අඩු කාලයකදී කුඹුර සකස්කොට අවසන් කිරීමේ හැකියාව දැක්විය හැක. මේ තුළින් ගොවීන්ට කුඹුර සැකසීමට වැයවන කාලය සහ පිරිවැය යන දෙකම සැලකිය යුතු ලෙස අඩු කර ගත හැකිය. කුඹුරෙහි තත්ත්වය අනුව ගොවීන්ට මෙම ට්‍රැක්ටරය භාවිතා කිරීම මඟින් 75-90% කින් කුඹුර සැකසීමේ පිරිවැය අඩු කර ගැනීමටත් 60-70% කින් කාලය ඉතිරි කරගැනීමටත් හැකියාව ලැබෙනු ඇත. තවද Bison බෝට් ට්‍රැක්ටරය වැනි යන්ත්‍ර මඟින් ගොවීන් මඩ සමඟ සම්බන්ධ වීම අවම කර ලෙප්ටොස්පයිරෝසිස් (මී උණ) වැනි රෝග පැතිරීමේ හැකියාව ද අඩු කරයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division