Home » Hayleys Solar ජල පොම්ප හඳුන්වා දෙයි

Hayleys Solar ජල පොම්ප හඳුන්වා දෙයි

by gayan
November 25, 2023 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සූර්ය බල ශක්තිය ආශ්‍රිත නිෂ්පාදන සපයන්නා (Solar Provider) වන Hayleys Solar විසින් ඔවුන්ගේ නවතම නිෂ්පාදනය ලෙස සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ජල පොම්ප වෙළෙඳ පලට හඳුන්වා දෙන ලදි. මෙය ශ්‍රී ලංකාවේ ජල සැපයුම් අභියෝගවලට තිරසර හා කාර්යක්ෂම විසඳුමක් වන අතර මෙමඟින් කෘෂිකර්මාන්ත කටයුතුවල සිට නිවසේ දෛනික ජල අවශ්‍යතාවලදී ද වැයවන බලශක්තියේ සැලකිය යුතු ඉතිරියක් ලබාදෙයි. පහසුවෙන් ස්ථාපනය කිරීමේ හැකියාව සහ ධාරිතා කිහිපයකින් යුත් මෙම පොම්ප ස්ථාවර ජල සැපයුමක් සහතික කිරීම සඳහා ධනාත්මක බලපෑමක් ලබා දෙන අතර පුනර්ජනනීය බලශක්තිය සඳහා Hayleys Solar හි කැපවීම ද මෙමඟින් මැනවින් ප්‍රදර්ශනය කරයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් Hayleys Fentons හි කළමනාකාර අධ්‍යක්ෂ හසිත් ප්‍රේමතිලක ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව කෘෂිකර්මාන්තය, පශු සම්පත් කළමනාකරණය සහ පතල් කැණීම ඇතුළු විවිධ ක්ෂේත්‍රවලදී ජල සම්පාදනය පිළිබඳ මුහුණ දෙන අභියෝග අවම කර ගැනීමටත්, රටේ කාලීන ගැටලුවක් වන ස්ථාවර ජල සැපයුමක් සහතික කිරීම කෙරෙහි තිරසර විසඳුමක් ලෙසත් සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ජල පොම්ප හඳුන්වාදීම වැදගත් වන බවයි.

You may also like

Leave a Comment