Home » රයිගම් ටෙලීස් 20 වැනි සම්මාන උලෙළ මාර්තුවේ

රයිගම් ටෙලීස් 20 වැනි සම්මාන උලෙළ මාර්තුවේ

by Mahesh Lakehouse
November 18, 2023 12:30 am 0 comment

රයිගම් සමූහ ව්‍යාපාරය ද කලා ශිල්පීන් ඇගයීමේ උලෙළ වෙනුවෙන් අත ගැසීය. 2005 වර්ෂයෙන් ඇරඹි එම කර්තව්‍යය අඛණ්ඩ වසර 19ක් තිස්සේ සාර්ථක හා ආකර්ෂණීය අයුරින් පවත්වා ඇත. දේශීය සම්මාන උලෙළ සංස්කෘතියට නවාංග හඳුන්වා දෙමින් විශේෂයෙන් ජාත්‍යන්තර උලෙළ සංස්කෘතිය හා යමින් ප්‍රධාන උලෙළට පෙර නිර්දේශිත නාම ප්‍රසිද්ධ කිරීම ප්‍රථම වරට හඳුන්වා දුන්නේ රයිලම් ටෙලීස්ය. එසේම සියලුම නිර්දේශලාභීන්ට වටිනා රක්ෂණ ප්‍රතිලාභයක් සහ සම්මානලාභීන්ට ඉහළ මුදල් ත්‍යාගද පිරිනමයි.

ඒ අනුව යමින් මෙවරද 2023 වර්ෂය තුළ විකාශය වූ ටෙලි නිර්මාණ අගයමින් 20 වැනි රයිගම් ටෙලීස් උලෙළට ද සූදානම්ය. මෙහි පූර්වාරම්භය පිළිබඳ ප්‍රකාශයට පත් කෙරෙන මාධ්‍ය හමුව ඉකුත්දා පැවැත්විණි.

නිර්මාණ භාර ගන්නා අවසන් දිනය

2023 වර්ෂයට අදාළ අයැදුම්පත් හා නිර්මාණ භාර ගන්නා අවසන් දිනය වන්නේ 2024 ජනවාරි මස 15 දාය. සම්මාන සඳහා නිර්දේශිතයන් තෝරා ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ වන්නේ අයැදුම්පත් භාර ගැනීම පිළිබඳ ප්‍රසිද්ධ නිවේදනය නිකුත් කිරීමෙන් හා නාළිකා වෙත යොමු කෙරෙන අයැදුම්පත් කැඳවීමේ ලිපි මඟිනි. මේ සඳහා ඉදිරිපත් වන සියලු නිර්මාණ ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් විසින් ඇගයීමට ලක් කෙරේ. වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍ය, ටෙලි නාට්‍ය නළුවා, නිළිය, ප්‍රේක්ෂක මනාපයෙන් තෝරා ගැනේ. වඩාත්ම ජනගත ටෙලි නාට්‍ය, රූපවාහිනී වැඩසටහන සහ ප්‍රවෘත්ති විකාශය දීප ව්‍යාප්ත ජනතා සමීක්ෂණයක් මඟින් තීරණය කෙරෙන අතර, විශේෂ ප්‍රණාම සම්මාන සඳහා වන නිර්දේශ උපදේශක සභාවක් මඟින් සිදු කෙරේ.

නිර්දේශිත නාම උත්කර්ෂණ උලෙළ

2024 මාර්තු මස 01 දා බත්තරමුල්ල, වොර්ටස් – එජ් පරිශ්‍රයේ පැවැත්වේ. මෙහිදී සෑම නිර්දේශිතයෙකු සඳහාම එක් වර්ෂයක් සඳහා බලපාන රුපියල් මිලියනයක ජීවිත රක්ෂණයක් සහ රුපියල් ලක්ෂයක් වටිනා වෛද්‍ය රක්ෂණයක් හා හැකියාව අගයා සහතිකයක්ද පිරිනැමේ.

අවසාන සම්මාන රාත්‍රිය

2024 මාර්තු මස 30දා මහා සම්මාන රාත්‍රිය කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වේ. සෑම වසරකම අති උත්කර්ෂවත් අන්දමින් සිදු කෙරේ. මෙහිදී සියලු සම්මානලාභීන් සඳහා වටිනා මුදල් ත්‍යාග සම්පත් බැංකුවේ අනුග්‍රහයෙන් සම්පත් මුදල් තිළිණ නමින් ද අලියාන්ස් රක්ෂණ සමාගම විසින් අලියාන්ස් රක්ෂණ තිළිණ සමඟ වටිනා රයිගම් ටෙලි සම්මානය සහ සහතික පත්‍රය පිරිනැමේ. මෙහිදී ටෙලි නාට්‍ය විශිෂ්ටතා සම්මාන, රූපවාහිනී මාධ්‍ය විශිෂ්ටතා සම්මාන, ජනප්‍රිය සම්මාන, ජනගත සම්මාන කුලකය ප්‍රණාම සම්මාන, රූපවාහිනී නාළිකා ඇගයීම ලෙස සම්මානයට පාත්‍ර වේ. සම්මාන උලෙළට නිර්මාණ ඉදිරිපත් කරන නිර්මාණකරුවන් වැඩි විස්තර සඳහා රයිගම් ටෙලීස් ලේකම් කාර්යාලය අමතන ලෙස ඉල්ලා සිටින අතර නිසි පරිදි සම්පූර්ණ කරන අයැදුම්පත සමඟ තම නිර්මාණ VOB හෝ Mpeg වර්ගයේ සංයුක්ත තැටි (CD) DVD මඟින් රයිගම් ටෙලීස් නිර්මාණ භාර ගැනීමේ කාර්යාල වෙත භාර දිය යුතුය.

ශ්‍යාමා සමරසිංහ, ඡායාරූපය - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division