Home » නවලෝක රෝහල් සමූහයෙන් වාර්ෂික නත්තල් කේක්

නවලෝක රෝහල් සමූහයෙන් වාර්ෂික නත්තල් කේක්

by gayan
November 18, 2023 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික සුව සේවා සපයන්නාවන නවලෝක රෝහල් සමූහය නත්තල් සමය වෙනුවෙන් සියලුම ශ්‍රී ලාංකිකයින්ට උණුසුම් සුබ පැතුම් එක් කරමින් සිය 10 වැනි වාර්ෂික නත්තල් කේක් මිශ්‍රණය පිළියෙල කිරීමේ උත්සවය වඩාත් උත්සවශ්‍රීයෙන් පසුගියදා Café Seventy Seven හීදී පැවැත්විය. මෙම සාම්ප්‍රදායික නත්තල් කේක් මිශ්‍රණය පිළියෙල කිරීමේ අවස්ථාවට නවලෝක රෝහල් සමූහයෙහි සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස ඇතුළු රෝහල් කළමනාකාරිත්වය, කාර්ය මණ්ඩලය සහ විශේෂ ආරාධිත අමුත්තන් පිරිසක් එක් වූහ.

මෙහිදී අදහස්‌ දැක්‌වූ ආචාර්ය ධර්මදාස පසුගිය වසර කිහිපය තුළ මුහුණ දුන් අභියෝග මධ්‍යයේ වුවද නවලෝක රෝහල් සමූහය ඔරොත්තු දීමේ හැකියාව සහ විශිෂ්ටත්වය වෙනුවෙන් කැපවී සිටින බවත් ශ්‍රී ලාංකීය ප්‍රජාවට උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවා සැපයීම සඳහා රෝගී සත්කාර සහ වෛද්‍ය නවෝත්පාදන වැඩිදියුණු කිරීමට කටයුතු කරන බවත් අවධාරණය කළේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division