Home » සිටි පදනම නවෝත්පාදන අභියෝගය නිවේදනය කරයි

සිටි පදනම නවෝත්පාදන අභියෝගය නිවේදනය කරයි

by gayan
November 18, 2023 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනට සිටි පදනම විසින් ප්‍රදානය කර ඇති ඇමරිකානු ඩොලර්

500, 000ක මුදල යොදවන්නේ තාක්ෂණය පාදක කරගත් ගොවිතැන් කිරීම හා ශ්‍රී ලංකාවේ සුළු පරිමාණයෙන් ගොවිතැනෙහි යෙදෙන කාන්තාවන්ට මූල්‍ය ආධාර සැපයීම සඳහාය.

ආහාර සඳහා ප්‍රවේශය ලබා ගැනීමට ආහාර පැවතීම, දැරිය හැකි මිලකට ආහාර ලබා ගත හැකිවීම ප්‍රජාවගේ ඔරොත්තු දීමේ ශක්තිය වැඩි කිරීම, එහි එක් අපෙක්ෂාවකි. නවෝත්පාදන යටතේ නාගරික උද්‍යාන පිහිටුවීම පිණිස නව තාක්ෂණය හා තිරසර ගොවිතැන් ක්‍රම ගැන මඟපෙන්වීමත්, ආහාර සැපයුම සහ ඉල්ලුම සම්බන්ධ කරන ඇප්ස් දියත් කිරීම ඇතුළු බොහෝ දේ මේ ආධාර වැඩසටහනට ඇතුළත් වේ.

ශ්‍රී ලංකාවේ, සිටි සංවිධානයේ නියෝජිත රවින් බස්නායක පැවසුවේ තම සේවාදායකයන්ගේ සහ තමනුත් කොටසක් බවට පත්ව සිටින ප්‍රජාවගේ වර්ධනය හා ප්‍රගතිය උදෙසා ශක්තිය ලබා දීම සිටි සංවිධානයේ අපේක්ෂාව බවයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division