Home » ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘හෝම් ප්‍රොටෙක්ට් ලයිට්‘ හඳුන්වා දෙයි

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘හෝම් ප්‍රොටෙක්ට් ලයිට්‘ හඳුන්වා දෙයි

by gayan
November 18, 2023 12:30 am 0 comment

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘හෝම් ප්‍රොටෙක්ට් ලයිට්‘ (Home ProtectLite) නමින් නිවාස රක්ෂණ සැලසුමක් හඳුන්වා දෙයි. මෙය පාරිභෝගිකයාට අන්තර්ජාලය හරහා හෝ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශාඛාවකට පැමිණ ක්ෂණිකව මිලදී ගත හැකි රක්ෂණ සැලසුමකි. එහිදි පහසුවෙන් හිමිකම් පියවීමේ ක්‍රියාවලිය, අඩු ලියකියවිලි, කඩිනම් සේවා සැපයීම, රක්ෂණ ආවරණය මිලදී ගන්නා අවස්ථාවේදී භාණ්ඩ ලැයිස්තුව ප්‍රකාශ කිරීමට අවශ්‍ය නොවීම වැනි වාසි රැසක් පාරිභෝගිකයන්ට ලැබෙයි.

හෝම් ප්‍රොටෙක්ට් ලයිට් රක්ෂණ සැලසුම රුපියල් මිලියන 1 සිට රුපියල් මිලියන 5 දක්වා පැකේජ පහකින් යුක්ත වන අතර වාර්ෂික මුළු වාරිකය රු.1900 සිට මිලදී ගත හැක. මෙම රක්ෂණාවරණය මඟින් රක්ෂණ ඔප්පුහිමියාගේ නිවසට ගිනි සහ අකුණු, ද්වේශ සහගත අලාභහානි , ස්වාභාවික අපදා, විදුලි හානි (විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ), ජල ටැංකි, ජල නළ සහ උපාංග පිපුරුම හෝ පිටාර ගැලීම, ගුවන් යානා මඟින් සිදුවන හානි, සහ සොරසතුරු උවදුරු සඳහා රැකවරණය සලසා දේ.

මෙම රක්ෂණාවරණය පිළිබඳ වැඩි විස්තර ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙබ් අඩවියෙන් www.srilankainsurance.com හෝ 011 2 357 357 ක්ෂණික දුරකතන අංකය ඇමතීමෙන් ලබා ගත හැක.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division