Home » Baby Cheramy සහ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයෙන් දරුවන් රැකගන්න පොතක්

Baby Cheramy සහ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයෙන් දරුවන් රැකගන්න පොතක්

by gayan
November 18, 2023 12:30 am 0 comment

දරුවන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් මෙහෙවරක යෙදි සිටින Baby Cheramy , ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සමඟ එක්ව දරුවන්ට නිවසේ දී සිදුවන අනතුරු වැළැක්වීම පිළිබඳ මවුපියන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණි. එහිදි ළමා ආරක්ෂාව නඟා සිටුවීම සඳහා දෙපාර්ශ්වයේ සහයෝගීතාව තහවුරු කිරීමේ අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කෙරුණු අතර ළමා රෝග පිළිබඳ මහාචාර්ය මනෝරි ගමගේ සහ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කල්‍යාණි ගුරුගේ විසින් රචිත මාපිය මාර්ගෝපදේශ කෘතිය එළිදැක්වීම ද එදින සිදුවිය.

ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය මෙරට ළමා සෞඛ්‍ය සේවාවට සම්බන්ධ ප්‍රමුඛතම වෘත්තීය සහ අධ්‍යයන ආයතනය මෙන්ම ප්‍රශස්ත ළමා සෞඛ්‍ය සේවය පිළිබඳව ප්‍රමුඛතම හඬය. “අපේ ළදරුවන්ට සුරක්ෂිත ලෝකයක් නිර්මාණය කිරීමේ” උතුම් පරමාර්ථය සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් Baby Cheramy විසින් දරුවන් අනතුරුවලින් ආරක්ෂා කර ගැනීමට අත්‍යවශ්‍ය දැනුමෙන් මවුපියන් ඇතුළු අනෙකුත් සියලුම පාර්ශ්වකරුවන් සවිබල ගන්වමින් ළමා ආරක්ෂණය පිළිබඳ දැනුම්වත්භාවය සහතික කිරීමට මෙම වැඩසහන් ඔස්සේ කටයුතු කරයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division