කාන්තා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් පැවැති Hatch AccelerateHER Demo Day වැඩසටහන සාර්ථකව අවසන් වේ.
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු අරමුදලේ සහාය ඇතිව, Hatch විසින් කාන්තා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය වෙනුවෙන් සකස් කරන ලද ශ්‍රී ලංකාවේ නව්‍ය accelerator වැඩසටහන වන AccelerateHER Demo Day වැඩසටහන ඉකුත් දා සාර්ථකව අවසන් විය. මාස 03ක් පුරා පැවැති මෙම වැඩසටහනේදී කැපී පෙනෙන ප්‍රගතියක් සහ ව්‍යාපාරික නැඹුරුතාවක් ප්‍රදර්ශනය කළ කාන්තා නව ව්‍යවසායකයින් හත් දෙනකු වෙත උපාධි සහතික පිරිනැමීම ද සිදු වූ අතර නව ව්‍යවසායකයින්ගේ ව්‍යාපාරවල ආයෝජනය සහ සුරක්ෂිත බව තහවුරු කිරීමේ අරමුණින් ඔවුන්ව ආයෝජකයින් සහ පාර්ශ්වකරුවන් වෙත හඳුන්වා දීම ද මෙහිදී සිදු විය.
මෙහිදී අදහස් දක්වමින් Hatch හි AccelerateHER වැඩසටහන් කළමනාකාරිනී රුවනාරා තිලකරත්න පවසා සිටියේ මේ නවක ව්‍යවසායකයින්ගේ වර්ධනය දකිමින් ඔවුන්ගේ සාර්ථකත්වයේ සාක්ෂිකරුවන් වීමට ලැබීම පිළිබඳ සතුටු වන බවයි.