Home » යුද පිටියේදී රුසියාව පරාජය කළ නොහැකි යැයි ක්‍රෙම්ලිනය කියයි

යුද පිටියේදී රුසියාව පරාජය කළ නොහැකි යැයි ක්‍රෙම්ලිනය කියයි

by Mahesh Lakehouse
November 11, 2023 12:30 am 0 comment

ආසියානු හමුදාව පරාජය කළ හැකි ක්‍රමයක් නැතැයි ක්‍රෙම්ලින ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් අවධාරණය කරයි. යුක්රේන ගැටුමේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් බටහිර ආණ්ඩු තම අපේක්ෂාවන් පහත හෙළමින් සිටින බවට ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් මෑතක දී කරන ලද ප්‍රකාශය පැහැදිලි කරමින් ඔහු මේ බව කියා සිටියේ ය.

බ්‍රහස්පතින්දා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පෙස්කොව් කියා සිටියේ “කිව් සහ වොෂින්ටනයේ සිටින සෑමදෙනාම යථාර්ථය අවබෝධ කර ගැනීමට කාලය එළැඹ ඇති බවයි : යුද පිටියේදී රුසියාව පරාජය කිරීම කළ නොහැක්කකි.”

රුසියාවට මිලිටරි පරාජයක් ලබා දීම සඳහා බටහිර බලවතුන් කලින් කළ අවධාරණයට සාපේක්ෂව “දැන් ඔවුන්ගේ ස්වරය වෙනස් කරමින්, විවිධ දේ කියමින්” සිටින බව පුටින් සිකුරාදා පැවසීය.

යුක්රේනයේ ඉහළම හමුදා නිලධාරියකු වන, ජෙනරාල් වැලරි සලුස්නි, ද ඉකොනොමිස්ට් සඟරාවේ පළ වූ ලිපියක පිළිගෙන ඇත්තේ, රුසියාව සමඟ ගැටුමේ “ගැඹුරු හා සුන්දර ඉදිරි ගමනක්” කිව් හමුදාවන්ට අපේක්ෂා කළ නොහැකි බවයි.

You may also like

Leave a Comment